ජාතික රණවිරු සැමරුම් උත්සවය මෙවර අභිමානවත්ව පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වු බවයි වාරතා වන්නේ.
ඒ අනුව අදාළ උත්සවය මේ මස 19වන දා බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතය.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය සඳහා මැති ඇමතිවරුන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙන්ම යුද්ධයේදී දිවි පිදූ රණවිරු පවුල්වල ඥාතීන් ඇතුළු පිරිසක් සහභාගී වන බවය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
2
+1




