බෙලිහුල් ඔයේ දිය නෑමට ගිය දැරියක් මරුට – පිරිමි දරුවෙක් අතුරුදන්

බෙලිහුල්ඔයේ දිය නෑමට ගිය 13 හැවිරිදි දැරියක් දියේ ගිලී මියගොස් තිබෙනවා. ඇය සමග දිය නෑමට ගිය 12 හැවිරිදි දරුවෙක් අතුරුදන් බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ (06) දහවල් ඔවුන් දිය නෑමට ගොස් ඇති අතර දියේ ගිලුණු දැරිය ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.

ඇය මතුරට තඹරාව ප්‍රදේශයේ පදිංචිකාරියක්. අතුරුදන්ව සිටින දරුවා ද එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

මියගිය දැරිය තම ඥාති සහෝදරයෙක් වන 12 හැවිරිදි පිරිමි ළමයා සහ අවුරුදු 21ක් වන ඔවුන්ගේ තවත් ඥාති සහෝදරියක් සමග පදියපැලැල්ල විහාරස්ථානයේ පැවති ධාතු ප්‍රදර්ශනයක් නැරඹීමට පැමිණ තිබෙනවා.

අනතුරුව දිය නෑම සඳහා බෙලිහුල් ඔයට ගොස් ඇතැයි සඳහන්.

දැරිය ඔයේ ගිලී ගසාගෙන යාමේදී ඇය බේරා ගැනීමට පිරිමි ළමයා උත්සාහ කිරීමේදී දෙදෙනාම දියේ ගසාගෙන ගොස් ඇති බවටයි සිදු කරන ලද මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

අනතුරුව ඔවුන් සමග ගිය තරුණිය ප්‍රදේශවාසීන් දැනුවත් කර සහාය ඉල්ලීමෙන් අනතුරුව දැරිය ගොඩට ගෙන රෝහල් ගතකර තිබෙනවා.

අතුරුදන් වූ 12 හැවිරිදි පිරිමි ළමයා මෙතෙක් හමුවී නොමැති අතර පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ඔහු සොයා පරීක්ෂණ සිදු කරන බව සඳහන්.

මියගිය දැරියගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රිකිල්ලගස්කඩ රෝහලේ තැන්පත් කර ඇති අතර මතුරට පොලිසියයි විමර්ශන සිදු කරන්නේ.

පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ නොසැලකිලිමත් හා අනාරක්ෂිත ලෙස ගංගා සහ ජලාශ ආශ්‍රිතව දිය නෑමට යාමෙන් මෙවැනි අවාසනාවන්ත සිදුවීම්වලට මුහුණ පෑමට සිදුවන බවයි.

එබැවින් තම කුඩා දරු දැරියන් පිළිබඳ ඉතා සැලකිලිමත්ව හා අවධානයෙන් යුතුව කටයුතු කිරීමෙන් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වළක්වා ගැනීමට කටයුතු කරන ලෙසටයි පොලිසිය මව්පියන්ගෙන් සහ භාරකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
03:08
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18