ළමුන් ඇතුළු 10ක් ඉන්දියාවට

මුලතිව් ප්‍රදේශයේ පදිංචිව සිටි ළමුන් තිදෙනෙකු ඇතුළු තවත් ශ්‍රී ලාංකිකයින් දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉන්දියාවට පළා ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා පවසනවා.

හින්දු පුවත්පත වාර්තා කළේ මෙම පිරිස යාත්‍රාවකින් ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙත ළඟා වූ බවයි.

ඉන්දියා වෙරළාරක්ෂක පොලිසිය විසින් එම පිරිස ප්‍රශ්න කිරීම සඳහා මණ්ඩපම් දුම්රිය ස්ථානයට රැගෙනවිත් ඇති බවයි වාර්තා වන්නේ.

මුලතිව් ප්‍රදේශයේ පදිංචි මෙම 10 දෙනා මෙලෙස තම රට හැර යාමට තීරණය කර ඇත්තේ ආර්ථික අර්බුදය සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් ඉහළ යෑමත් සමඟ බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම අදායම් උපයා ගැනීම වෙනුවෙන් තමන්ට නිතිපතා රැකියා නොලැබෙන බව ද මෙම ලාංකිකයන් ප්‍රකාශ කර ඇතැයි සඳහන්.

පරීක්ෂණ අවසන් වීමෙන් අනතුරුව මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස මණ්ඩපම් පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා.

ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් පවසා ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේදී ද ශ්‍රී ලාංකිකයින් පස් දෙනෙකු යාත්‍රාවකින් තමිල්නාඩුවට පැමිණි බවයි.

මණ්ඩපම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ එලෙස පැමිණි ශ්‍රී ලාංකිකයන් ඇතුළු සරණාගතයින් 250කට වඩා වැඩි පිරිසක් රැඳී සිටිනවා.

ගත වූ වසරක පමණ කාලය තුළ ශ්‍රී ලාංකිකයින් 150 දෙනෙකු පමණ පිරිසක් බෝට්ටු මඟින් දකුණු ඉන්දියාවේ දනුෂ්කොඩි වෙත පැමිණ ඇති බවද මාධ්‍ය වාර්තා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46