රාජ්‍ය ඇමති මැරයන්ගේ ප්‍රහාරයට ලක්වූ ඕමාන කම්හල ඉවත් කර ගනී

ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය ඇමැතිවරයකුගේ මැර පිරිසකගේ ප්‍රහාරයට ලක්වූ කටාන අල් ඔබේදාන් ඇපරල් කර්මාන්ත ශාලාවේ හිමිකරු එම කර්මාන්ත ශාලාව ඉවත්කර ගැනීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

පසුගිය 4 වනදා සිට එම කටයුතු ආරම්භ වී ඇති අතර මූලික අධියර යටතේ එම කර්මාන්ත ශාලාවේ තිබූ විශාල රෙදි තොගයක් ගබඩාවලින් ඉවත් කර ඕමානයේ කර්මාන්ත ශාලාවක් වෙත යැවීමට හිමිකරු කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

කර්මාන්ත ශාලාව ඉවත්කර ගැනීමට විරෝධය පළකරමින් එහි සේවකයින් පිරිසක් විරෝධතා ව්‍යාපාරයක ද නිරත වී තිබෙනවා.

එහි භාණ්ඩ කර්මාන්ත ශාලාවෙන් පිටතට ගෙන යෑමට නොහැකි වන ලෙස අවහිර කිරීමට ඔවුන් කටයුතු කළ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

පසුව පොලිසිය මැදිහත්ව විරෝධතාකරුවන් ඉවත් කර කර්මාන්ත ශාලාවේ අමුද්‍රව්‍ය ඉවත්කර ගැනීමට පහසුකම් සලසා දී තිබුණා.

පසුගිය මාර්තු 30 වැනිදා රාත්‍රි රාජ්‍ය ඇමැතිවරයාගේ හිතවාදීන් බව කියාගත් පිරිසකගේ ප්‍රහාරයට ලක්වීමෙන් පසු මෙම කර්මාන්ත ශාලාවේ හිමිකරු වන ඕමාන් ජාතික ව්‍යාපාරිකයා කටානේ පිහිටි සිය කර්මාන්ත ශාලා භූමිය වෙත කිසිම අවස්ථාවක පැමිණ නැහැ.

ආරංචි මාර්ග පවසන අන්දමට මෙම කර්මාන්ත ශාලාව හා එය පිහිටි භූමිය වෙනත් පෞද්ගලික ආයතනයකට විකිණීමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් සිදුකරමින් පවතින බවයි වාර්තා වන්නේ.

කර්මාන්ත ශාලාව වෙත වාහන කුලී පදනම මත ලබාදීමට යෑමේදී සිදුවූ ආරවුලක් මත රාජ්‍ය ඇමැතිවරයාගේ මැරයන් විසින් කර්මාන්ත ශාලාවේ හිමිකරුට හා ආරක්‍ෂක නිලධාරීන්ට අමානුෂික ලෙස පහරදී දේපළවලට ද හානි කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20