AFC Banner
Empty Ad
Empty Ad

තව දින 35කින් රන්ජන්ගේ මන්ත්‍රීධුරය ඉබේම අහෝසියි

තවත් දින 35කින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ එම මන්ත්‍රී ධුරය ඉබේම අහෝසි වී යන්නේ යැයි පාර්ලිමේන්තු නිලධාරීන් පවසයි.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල පැහැදිලිව දැක්වෙන පරිදි කිසියම් මන්ත්‍රීවරයෙකු අඛණ්ඩව මාස තුනක කාලයක් පාර්ලිමේන්තුවට නොපැමිණියහොත් ඔහුගේ මන්ත්‍රී ධුරය ඉබේම අහෝසි වී යයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් මත ජනවාරි 12 වනදා සිට රංජන් රාමනායක මහතාට වසර 4ක සිර දඬුවම් නියම කෙරුණා. එදින සිට ඔහුට පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකිවූ අතර රාමනායක මහතා මැතිසබයට නොපැමිණි කාලය මාස තුනක් සම්පුර්ණවන්නේ ලබන අප්‍රේල් මස 12 වැනිදාටයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?