මෙසී සමාව ගන්න සැරසෙයි – ක්‍රීඩා සමාජයේ තීරණයට ප්‍රේක්ෂකයින් විරෝධතාවයේ

ගිවිසුම් කඩකරමින් සෞදි අරාබියේ සිදුකළ සංචාරය සම්බන්ධයන් තමන් පැරිස් සෙන්ට් ජර්මේන් ක්‍රීඩා සමාජයෙන් සහකණ්ඩායමේ ක්‍රීඩකයින්ගෙන් සමාව ගැනීමට අවශ්‍ය බව සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනොල් මෙසී පවසනවා.

මේ වනවිට පැරිස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන මෙසී පසුගියදා තමන් නියෝජනය කරන ක්‍රීඩා සමාජයට නොදන්වා සෞදි අරාබියේ සංචාරයක් සිදුකර තිබුණා.

මේ හේතුවෙන් ඔහුට සති දෙකක තරග තහනමක් පැනවීමටයි පැරිස් ක්‍රීඩා සමාජයේ බලධාරීන් කටයුතු කර ඇත්තේ.

පැරිස් සෙන්ට් ජර්මේන් ක්‍රීඩා සමාජයේ මෙම තීරණයත් සමඟ කෝපයට පත් එහි ප්‍රේක්ෂකයින් එම ක්‍රීඩා සමාජයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතා දක්වා සිටියා.

මේ අතර පැරිස් උපනගරයක් වන බුගිවාල් හි පිහිටි සුපිරි පාපන්දු තරුවක් වන නේමාර්ගේ නිවස අසල ද රැස්වී ප්‍රේක්ෂකයින් එම තීරණය සම්බන්ධයෙන් අතෘප්තිය පළකර සිටියා.

මේ වනවිට පැරිස් ක්‍රීඩා සමාජය විසින් ඔවුන්ගේ පුහුණු පිටියේ මෙන්ම මෙසීගේ සහ නේමාර්ගේ නිවෙස්වල ආරක්ෂාව තර කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර පැරිස් සෙන්ට් ජර්මේන් කණ්ඩායමේ පුහුණුකරු ක්‍රිස්ටෝෆ් ගැල්ටියර් සඳහන් කළේ මෙසී තරග තහනමකට ලක් කිරීමට ගත් තීරණය මුලින්ම ගත යුතු තීරණයක් නොවන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14