නව රජුගේ රාජාභිෂේකය අදයි

බ්‍රිතාන්‍ය චාල්ස් කුමරු අද (06) දිනයේ තුන්වන චාල්ස් රජු ලෙස අභිෂේක ගැන්වීමට නියමිතව තිබෙනවා.

බ්‍රිතාන්‍ය නව රජුගේ රාජාභිෂේක උත්සවය ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දෙව් මැඳුරේ දී පැවැත්වෙන අතර, මෙහිදී කැමිලා කුමරිය ද රජ මෙහෙසිය ලෙස අද දිනයේ ඔටුණු පැළඳීමට නියමිතයි.

එමෙන්ම ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දෙව් මැඳුරේ දී කිරුළු පළදින 40 වැනි අධිරාජ්‍යයා ලෙස චාල්ස් කුමරු ඉතිහාසයට එක්වනවා.

මේ අතර, මේරි රැජිණගේ ඔටුන්න චාල්ස් කුමරුගේ ඔටුණු පැළඳීම සඳහා භාවිතයට ගැනීමට බකිංහැමි මාලිගය තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම ඔටුන්නට දෙවන එළිසබෙත් රැජිණගේ ආභරණවල දියමන්ති ද එක්කර යාවත්කාලින කිරීම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

වසර 70 කට පසු සිදුකරන පළමු රාජාභිෂේකය ද මෙය වන අතර, චාල්ස් කුමරුගේ මෙම රාජාභිෂේකයට ලොව පුරා සිටින ආරාධිතයිත් රැසක් ඇරයුම් ලබා ඇති අතර, ඒ අතර පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල රාජ්‍ය නායකයින් විශේෂයි.

පැය දෙකකට ආසන්න කාලයක් පවතින රාජාභිෂේක උත්සවය වෙනුවෙන් අමුත්තන් 2,300ක් එක්වීමට නියමිත බව BBC පුවත් සේවය වාර්තා කළා.

රජ පවුල වෙනුවෙන් සියලුම සාමාජිකයින් මෙම උත්සවය සඳහා සහභාගීවන බවට තොරතුරැ වාර්තා වන අතර, හැරී කුමරුගේ බිරිඳ වන මේගන් මාකල් කුමරිය පමණක් මෙම අවස්ථාවට එක්‌ නොවන බවයි වාර්තා වන්නේ.

මේ අතර රාජාභිෂේක උත්සවය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ආරක්ෂාව ද තරකර ඇති අතර, රාජාභිෂේක උත්සවයේ ආරක්ෂාවට ආරක්ෂක අංශ සාමාජිකයින් 11,500ක් යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

එරට කාලගුණ අංශ නිකුත් කර ඇති වර්ෂාව පිළිබඳ අනාවැකි ද නොතකා, බ්‍රිතාන්‍ය නව රජු දේවස්ථානය වෙත ගමන් ගන්නා පෙරහැර මාර්ගයට දැනටමත් සෙනඟ එක්රැස් වීමට පටන්ගෙන ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාපලගම සලිත කළ නිසල සිරුර
00:33
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය
01:01
Video thumbnail
ඝා#නයකට පැමිණි සැකකරුවෙක්ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
00:42
Video thumbnail
පරාජිත දේශපාලන කඳවුර ඥානසාර හිමිගේ ජම්පරයේ එල්ලිලා ගේම් ගහන්න හදනවා
08:22
Video thumbnail
ඉන්ධන, තාප බලාගාර මාෆියාවේ ඒජන්තකරුවෙක් වෙලා - මේක බරපතළ අසාධාරණයක්
09:41
Video thumbnail
මේක පාර්ලිමේන්තුවේ කියන්න මට වරමක් නෑ - අපේ කතා කිරීමේ අයිතිය නතර කරනවා
05:10
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන ජනපතිතුමා මහානායක හාමුදුරුවරුන්ට කිව්ව දේ..
12:23
Video thumbnail
හදිසි පරීක්ෂාවකදී ඝා#නයකට පැමිණි සැකකරුවෙක් ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
01:01
Video thumbnail
ටෝම්පච කෙළින්න එපා - වී කිලෝවකට රු.150ක් අපි ඉල්ලුවේ නෑ
04:02
Video thumbnail
"ඊළඟට ජම්පරේ අන්දන්නේ මට කියලා තිබ්බා"ඉදුරාගල දම්ම රතන හිමිගෙන් ප්‍රබල අනාවරණයක්
27:22