ජනපති ලන්ඩනයේ දී පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක හමුවකට එක්වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ලන්ඩනයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක හමුවට සහභාගී වී සිටිනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්වෙන බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (04) බ්‍රිතාන්‍යය බලා පිටත්ව ගියේ තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීම වෙනුවෙන්.

රාජාභිෂේක උත්සවය පෙරවරු 11ට වෙස්ට්මිනිස්ටර් ඇබේ හිදී පැවැත්වීමට නියමිතයි.

මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩනයේදී රුවන්ඩා ජනාධිපති පෝල් කගමේ (Paul Kagame) මහතා හමුවී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ දෙරට අතර කෘෂිකර්මාන්තය සහ සෞඛ්‍ය සේවා සම්බන්ධයෙන් සහයෝගීතාවයේ විභව ක්ෂේත්‍ර පිළිබඳව දෙපාර්ශවය සාකච්ඡා කළ බවයි.

මෙම හමුවේදී නායකයින් දෙදෙනාම අදාළ අමාත්‍යවරුන්ගේ සංචාර සිදු කිරීමට යෝජනා කළ අතර හමුදා සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කළ බව සඳහන්.

ස්වභාවික විපත්වලට කඩිනම් ප්‍රතිචාර දැක්වීම සඳහා රුවන්ඩා ජාතිකයන් පුහුණු කිරීමට ද ජනාධිපති වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
4
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47