අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 8ක ජනතාව පීඩා

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක ජනතාව පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එහි නවතම වාර්තාවට අනුව බදුල්ල, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, පුත්තලම, මුලතිව්, යාපනය සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්වල ජනතාව අධික වර්ෂාව සහ තද සුළං හේතුවෙන් පීඩාවට පත්ව සිටින බවයි දැක්වෙන්නේ.

පවුල් 181ක් පමණ විපතට පත්ව ඇති අතර පවුල් 71ක සාමාජිකයින් තාවකාලික නිවාස වෙත යොමු කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

පසුගිය දින කිහිපය තුළ අයහපත් කාලගුණය හේතුවෙන් නිවාස තුනක් විනාශ වී ඇති අතර නිවාස 67 කට හානි සිදුවී තිබෙනවා.

මේ අතර, බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරනවා.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

සෙසු ප්‍රදේශවල විශේෂයෙන් අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.

මේ අතර, බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 40-50 දක්වා තද සුළං අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල ඇති වන තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57
Video thumbnail
කථානායකට කියලා දෙන්න ගිය අර්චුනා හොඳම එකෙන් අහගයි
00:50
Video thumbnail
පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු අය දැන් කියනවා අපි සෙංකෝලය උස්සනවලු
01:35
Video thumbnail
උසස්වීම් බලාගෙන විනිසුරුවන් ආණ්ඩුවට සපෝට් එක දෙනවා ද..?
08:30
Video thumbnail
අභීතගේ සමාජ මාධ්‍ය සංවාදය ගැන පොහොට්ටුව පිළිතුරු දෙයි - පක්ෂයේ අනුග්‍රහය මත තිබ්බ දෙයක් නෙවෙයි
02:19
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59