ශ්‍රී ලංකාවට තවත් ජාත්‍යන්තර ගුවන්තොටුපලක්

හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර තුළ ඇති ගුවන්තොටුපොළ ජාත්‍යන්තර සිවිල් ගුවන්තොටුපොළක් ලෙසට සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය මගින්.

එහි පරිපාලන කටයුතු සහ මෙහෙයුම් කටයුතු මේ වනවිට සිදු කරනු ලබන්නේ ගුවන් හමුදාව මගින්.

ඊයේ වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් එම අමාත්‍යාංශයේදී සිදු කර තිබෙනවා.

වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ දැනට මීටර් 2287ක දිගින් යුතු ධාවන පථය මීටර් 2800ක් පමණ දිගු කිරීමට තීරණය කර ඇති බවටයි.

මේ සඳහා පිවිසුම් මාර්ගයක් ඉදිකිරීම, ගුවන්යානා අංගනයක් ඉදිරිකිරීම, ගුවන් නාවික මෙහෙයුම් පද්ධතියක් සැකසීම, ගුවන් පාලක කුළුණක් ඉදිකිරීම, මගී පර්යන්තයක් ඉදිකිරීම ආදී මූලික අත්‍යවශ්‍ය ඉදිකිරීම් කිරීමට මෙම සාකච්ඡාවේදී තීරණය කර තිබෙනවා.

මෙම තීරණය සමඟ පොලොන්නරුව, සීගිරිය, අනුරාධපුරය, දඹුල්ල වැනි නගර වෙත පැමිණෙන විදෙස් සංචාරකයින්ට පහසුවක් ලැබෙනු ඇති බවටයි රජය විශ්වාසය පළ කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
5
+1
25
+1
3
+1
4
+1
7
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09