පොහොර මිලදී ගැනීමට වවුචරයක්

මෙවර යල කන්නයේ දී ගොවි ජනතාවට යූරියා හා බණ්ඩි පොහොර මිලදී ගැනීම සඳහා වවුචරයක් නිකුත් කිරීමට අනුමැතිය ඉල්ලා ඊයේ (03) තමන් ඉදිරිපත් කළ යෝජනාවට මුදල් කමිටුවේ මෙන්ම ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මෙරටට පොහොර ආනයනය කරන සියලුම සැපයුම් ආයතනවල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් අද (04) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකදීයි අමාත්‍යවරයා මේ බව කියාසිටියේ.

යල කන්නය සහ ඉදිරි මහ කන්නයේ රටට අවශ්‍ය පොහොර සැපයීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කරනු ලැබුවා.

මෙවර යල කන්නයේ දී යූරියා සහ බණ්ඩි පොහොර මිලදී ගැනීම සඳහා හෙක්ටයාර් එකකට රුපියල් 20,000ක් සහ හෙක්ටයාර් දෙකකට රුපියල් 40,000ක් බැගින් සහනාධාර මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

මෙම මුදල් යොදාගැනීම මගින් ගොවීන්ට යල කන්නයේ දී කිසිදු බාධාවකින් තොරව රාජ්‍ය අංශයෙන් හෝ පුද්ගලික අංශයෙන් තමන්ට අවශ්‍ය යූරියා පොහොර හෝ බණ්ඩි පොහොර මිලදී ගැනීමට ඉඩ සැලසීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු යොදා ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.

එමෙන්ම 2023/24 මහ කන්නයේ සිට පොහොර සැපයීමේ වගකීමෙන් රජය ඉවත්වන අතර, රටට අවශ්‍ය පොහොර සැපයීම සම්පූර්ණයෙන් ම පුද්ගලික අංශය වෙත පැවරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙනවා.

රජයට අයත් පොහොර සමාගම් 02 ඔවුන් සතු මුදල් යොදා ගනිමින්, පොහොර ආනයනය හා බෙදාහැරීම සිදු කළ හැකියි.

ගොවීන්ට අවශ්‍ය පොහොර මිලදී ගැනීම සඳහා ගොවිජනතාවට ඔවුන්ගේ ගිණුම්වලට රුපියල් 40,000 -50,000 හෝ ඊට වැඩි මුදලක් රජය විසින් බැර කිරීමට නියමිත බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම සාකච්ඡාවේදී අවධාරණය කළා.

කෙසේ වුව ද පොහොර ප්‍රමිතිය පිළිබඳව අධීක්ෂණය රජය විසින් අඛණ්ඩව සිදු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36