ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර්. පෙරේරා දැයට සමු දෙයි

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර්. පෙරේරා මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා. ඒ බොරැල්ල පොදු සුසාන භූමියේදීයි.

කාලයක් අසනීප තත්ත්වයකින් පසු වූ ප්‍රවීණ රංගන ශිල්පියා පසුගිය පළමුවනදා අභාවප්‍රාප්ත වුණා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 84ක්.

“බෝඩිං කාරයෝ” වේදිකා නාට්‍යයෙන් රංගන දිවිය ඇරඹූ ඔහු රූපවාහිනී කතා මාලා 700 කට අධික සංඛ්‍යාවක රඟපා තිබෙනවා.

1971 වසරේ වැලිකතර චිත්‍රපටයෙන් රිදී තිරයට පිවිසි ඔහු චිත්‍රපට 40 ක පමණ රඟපා ඇති අතර අවසන් වරට 2018 වසරේ නිදහසේ පියා ඩී.එස් චිත්‍රපටයටද සිය රංගනයෙන් දායකත්වය ලබා දුන්නා.

ගල්හේනගේ රත්නපාල පෙරේරා නමින් පවුලේ වැඩිමලා ලෙස 1939 නොවැම්බර් 13 කිරුළපනේදී උපන් ජී. ආර්. පෙරේරා
බොරලැස්ගමුව එගොඩවත්ත ප්‍රදේශයේ යි පදිංචිව සිටියේ.

ඔහුගේ බිරිඳ ටෙලිනාට්‍ය නිෂ්පාදකවරියක්.

මෙම යුවළට දියණියන් දෙදෙනෙක් සහ එක් පුතෙක් සිටි අතර ඔහුගේ බාල දියණිය යමුනා එරන්දතී ද ටෙලිනාට්‍ය නිළියක්.

ඔහු නාට්‍යය ක්ෂේත්‍රයට හඳුන්වා දුන්නේ ඔහුගේ සමීප මිතුරෙකු වූ කීර්තිමත් නාට්‍යකරුවෙකු වූ තිස්ස අබේසේකරයි.

අබේසේකර, ජී. ආර්. ඇතුළු පිරිසක් සමගින් “අපේ කට්ටිය”නමින් සුගතපාල ද සිල්වාගේ නාට්‍ය කණ්ඩායමක් ද පිහිටුවා තිබුණා.

ජී.ආර් ගේ පළමු රංගනය වූ බෝඩිං කාරයෝ 1961 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නාට්‍යය සඳහා වන සම්මානය ද දිනා ගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39