කසල තේ කිලෝ 21,000ක් STF අත්අඩංගුවට

බලපත්‍රයක් නොමැතිව හැටන් සිට දඹුල්ල දක්වා ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ කසල තේ කිලෝ 21,340ක් සමග සැකකරුවන් තුන් දෙනෙකු ලොරි රථ දෙකක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසිනුයි අද (03) පස්වරුවේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

කසල තේ ජාවාරම සිදු කල ප්‍රධාන සැකකරු රුවන්පුර ප්‍රදේශයේ ඉඩමක් බදු පදනම මත ලබාගෙන කාලයක් තිස්සේ වතු ආශ්‍රිත තේ කර්මාන්ත ශාලාවලින් කසල තේ රැගෙන විත් ගබඩා කර පසුව ඒවා ලොරි රථවලින් දඹුල්ල ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලට ඉතා සූක්ෂම ලෙස ප්‍රවාහනය කරමින් සිට ඇති බව හෙළිවී තිබෙනවා.

අත්අඩංගුවට ගත් ලොරි රථ දෙකේ කසල තේ කිලෝ 14,000ක් පටවා තිබු අතර සෙසු කසල තේ තොගය එම ඉඩමේ ගබඩාවක තිබියදී සොයා ගැනුණා.

කසල තේ තොගයේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැති අතර, ජාවාරම මෙහෙය වූ ප්‍රධාන සැකකරු හැටන් ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව සඳහන්.

ලොරි රථ දෙකේ රියදුරන් දෙදෙනා දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වැටලිම සිදු කළ නිලධාරින් කියාසිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා හැටන් පොලිසිය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43