සෞදියේ ගෘහ සේවයට ගිය ආදිවාසී තරුණියක් හෙළි කළ සංවේදී කතාව

දරිද්‍රතාවය හේතුවෙන් වෙනත් විකල්පයක් නොමැති වීම හමුවේ සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා ගොස් සිටි ආදිවාසී තරුණියක් අද උදෑසන යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

ඇය දඹාන ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පියා ඔත්පලව තම කුඩා නිවසෙහි සිටින අතර තරුණියගේ ගේ සැමියා හැර ගොස් සිටින බව සඳහන්.

ඔවුන්ට වයස අවුරුදු 5 ක කුඩා දියණියක සිටින අතර ඇය දඹාන ප්‍රදේශයේ පාසලක පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටිනවා.

සැමියා හැර යාමෙන් පසුව මෙම කාන්තාව තම මව සමග තම ජීවන අරගලය ගෙන යාමට කොතෙක් උත්සාහ කළ ද එය අසාර්ථක වීම හේතුවෙනුයි ගම් ප්‍රදේශයේ විදේශ රැකියා තැරැව්කරුවෙකු මාර්ගයෙන් විදෙස් රැකියාවකට යාමට සැලසුම් කර ඇත්තේ.

එම පුද්ගලයා අවුරුදු 20 ක් තිස්සේ දැන හඳුනන මරදාන ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනයක් වෙත මෙම තරුණිය කැඳවා ගෙන ගොස් තිබුණා.

එහිදී ඇය සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා යැවීමට කටයුතු සූදානම් කර තිබෙන අතර, රැකියාවට යෑමට පෙර ඇයට රුපියල් ලක්ෂ 3ක මුදලක් ලබා දෙන බවටයි පවසා ඇත්තේ.

එහෙත් අවසානයේ එම රැකියා නියෝජිතවරයා ඇයට ලබා දී ඇත්තේ රුපියල් 64,000ක මුදලක් පමණයි.

අනතුරුව මෙම තරුණිය ඇයගේ වැඩිමහල් සහෝදරිය ද සමග සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා පිටත්ව ගොස් ඇත්තේ මීට මාස දෙකකට පමණ පෙරයි.

“මුලින්ම එරට දමාම් නුවර ගුරුවරියකගේ නිවසෙහි මාසයක් පමණ සේවයෙහි නිරත වුණා. මහල් 03 කින් සමන්විත එම නිවසෙහි සිටින දරුවන් ඉතාමත් දඟකාර ක්‍රියා වල නිරත වන බැවින් ඔවුන් බලා ගැනීම සහ නිවසෙහි අනෙකුත් වැඩ කිරීම අපහසු නිසා, එම නිවසෙහි මාසයක් පමණ සේවය කිරීමෙන් පසුව ඉවත් වීමට අවශ්‍ය බව දැන්වූවා ඔවුන් මගේ මාසික වැටුප ගෙවා මාව යළිත් සෞදි අරාබියේ රැකියා නියෝජිතවරයා වෙත භාර දුන්නා. ඉන්පසුව මාව යළිත් වෙනත් නිවසක වැඩට ගිහිං දැම්මා. ඒ ගෙදරත් තට්ටු තුනක් තියෙනවා. ළමයි 06 දෙනෙකු සිටිනවා. ඒ ගෙදර බාබා මොනවා හරි පොඩි රැකියාවක් කරන්නේ. මම උදේ පාන්දර නැගිටලා රෑ වෙනකම් වැඩ කරනවා.

ඒ ගෙදර මැඩම් හරිම සැරයි. එයා නිතරම ” කුකුළි, කුකුළි, සුරා, සුරා.” කියනවා. ඒ කියන්නේ ඉක්මණට ඉක්මණට වැඩ කරන්නන කියලා. ඒ මැඩම් මට නිතරම ගැහුවා. එයා නිතරම පයින් ගහන්නෙ. මාව කොණ්ඩෙන් ඇදලා බිම දාල පාගනවා. මට මේ රාමසාන් උත්සව සමයේ තවත් ගෙවල් දෙකක වැඩට අරං ගියා. ඒ අතරෙ මැඩම්ගෙ අම්මගෙ ගෙදරත් වැඩ කරන්න වුණා. එහිදී එයාගෙ මල්ලී මට විවිධ යෝජනා කළා. බලපෑම් කළා. එහිදී මට අවස්ථා පහකදී පමණ සිහිය නැති වුණා. ඒ අවස්ථාවලදී, ඔහු මගෙන් ඔහුගේ අවශ්‍යතා ඉටු කර ගෙන තියෙනවා.

මීට අමතරව චොකලට් වගයක් දීලත් මාව සිහි නැති කළා. ඒ අය කියන්නෙ මාව මෝහනයට පත් කරනවා කියලයි. මට බැරිම තැන මම ඒ ගෙදර අයට කිව්වා මාව ලංකාවට යවන්න කියල. මම ගෙදරටත් මං විඳින දුක් ගැන කිව්වා. පස්සෙ මට පඩි නොදී සෞදි අරාබියේ රැකියා ඒජන්සියට ගෙනත් භාර දුන්නා. එහිදී මට ඒජන්සිය භාර බාබා මට ගැහුවා. ඔලුවටත් ගැහුවා. ඒ සෞදි අරාබි ඒජන්සිය මාව ලංකාවට යවන්න රුපියල් ලක්ෂ 20ක් ඉල්ලුවා. ලංකාවේ ඒජන්සිය මාව ලංකාවට ගෙන්වා ගන්න රුපියල් ලක්ෂ 10ක් ඉල්ලුවා. මගේ අක්කටත් වෙලා තියෙන්නෙ මට වෙච්චි දේවල්මයි. නමුත් ඒවා ගෙදරට, ලංකාවට, ලෝකයට කියන්න එයාට ෆෝන් එකක් නැහැ. මේ වෙනකොට එයා මරල ද දන්නෙ නැහැ. අක්කටත් මගේ වයසෙ දුවෙක් ඉන්නවා. එයා යන්නෙන් ගුරුකුඹුරෙ ඉස්කෝලෙට. සෞදි අරාබියේ මේ වෙනකොට අහිංසක මිනිස්සු ළමයි දාල ඇවිත් ගොඩක් දුක් විදිනවා.”

මෙම තරුණිය අද උදෑසන 09.05ට ගල්ෆ් ගුවන් සේවයේ ජී.එෆ්.- 147 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ඇය මේ පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ පැමිණිලි කිරීමෙන් අනතුරුව, මහියංගනය රෝහලෙහි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා බස් රථයකින් පිටත්ව ගිය බවයි අප වාර්තාකරු කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
18
+1
2
+1
4
+1
60
+1
12
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10