සොරාගත් ත්‍රී රෝද රථ වලින් රන්මාල කොල්ලකෑ අයෙක් අල්ලයි

සොරාගත් ත්‍රී රෝද රථ වලින් ගොස් කාන්තාවන්ගේ රන්මාල සහ අත් බැග් කොල්ලකෑමේ යෙදුණු පුද්ගලයකු හොරේතුඩුව පාලම අසලදී හොරයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය පවසයි.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එලෙස සොරා ගෙන තිබූ ත්‍රී රෝද රථ දෙකක්, රන්මාල තුනක්,හොරයින් මත්කුඩු ග්‍රෑම් 6 මිලිග්‍රෑම් 10 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඉකුත් දින කීපය තුළ පානදුර උතුර, අලුබෝමුල්ල හා වාද්දුව ප්‍රදේශවල ත්‍රිරෝද රථ වලින් සැරිසරමින් මහ මග ගමන් ගන්නා කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල සහ අත්බෑග් කොල්ල කෑමේ නිරත පුද්ගලයන් දෙදෙනකු සම්බන්ධයෙන් පානදුර උතුරු පොලිසියට ලද තොරතුරකට අනුව සැකකරු ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එම සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී දෙහිවල ප්‍රදේශයෙන් ත්‍රී රෝද රථ දෙකක් සොරා ගැනීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.

කොල්ලකෑමට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ පවත්වයි .

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු තිහක් වන මොරටුමුල්ල පදිංචිකරුවෙක්.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51