පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාව අද (03) යළි රැස්වීමට නියමිතයි

අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිත අතර එහිදී මෙතෙක් සාමාජිකයින් පත්කර නොමැති ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත්කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.

මේ වන විට රාජ්‍ය සේවා කොමිෂන් සභාව, විගණන සේවා කොමිෂන් සභාව, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව යන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත්කිරීමට පියවර ගෙන ඇති බව වාර්තාවෙයි.

මෙතෙක් සාමාජිකයින් පත්කර නොමැති මැතිවරණ කොමිෂන් සභාව, පොලිස් කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඇතුළු කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත්කිරීමට නියමිතව තිබෙනවා.

අදාළ පත්කිරීම් සියල්ල මෙම සතිය තුළ අවසන් කිරීමට නියමිත බව සඳහන් ය.