දන්සැල් පරීක්ෂාවට සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3,000ක්

වෙසක් උත්සවයට සමගාමීව දිවයිනපුරා පැවැත්වෙන දන්සැල් පරීක්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3,000ක් යොදවා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ, දන්සැල් පැවැත්වීමට පෙර එය ලියාපදිංචි කිරීම අනිවාර්යය වන බවය.

“එළැඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් දන්සල් ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය කටයුතු අපි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සියල්ල සුදානම් කරලා තියෙනවා. ඔබ දන්සැලක් දෙන්න අපේක්ෂා කරනවා නම් ඔබ දන්සැල ලබාදෙන පරිශ්‍රය පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගිහින් ලිඛිතව දැනුම් දුන්නහම දන්සල ලබාදෙන දිනය, ස්ථානය හා වර්ගය පිළිබඳව අවශ්‍ය උපදෙස් අපි ලබාදෙනවා. ඒ වගේම ස්ථාන පරීක්ෂා කරලා අවශ්‍ය නිර්දේශ අපි ලබාදෙනවා. ඒ වගේම දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 3,000කට ආසන්න පිරිසක් තමන්ගේ කොට්ඨාසවලට අයත් දන්සල් වෙසක් පොහොයට පෙර දින, පොහොය දිනයේ හා පසු දින සම්පූර්ණයෙන්ම පරීක්ෂාවට ලක්කරන්න කටයුතු කරනවා.”

දැනට පවතින වැසි තත්ත්වය හේතුවෙන් පාචන රෝගය පැතිරයාමේ අවදානමක් පවතින බැවින් ජලය පරිහරණයේදී වඩාත් සැලකිලිමත් වන ලෙස උපුල් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

“වැසි තත්ත්වය සමග පාචනය රෝගය පැතිර යෑමේ අවදානමක් තියෙනවා. ඒ නිසා විශේෂයෙන් තමන් ආහාර සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය හා ජලය සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න. ඒ වගේම පළා වර්ග වගේ දේවල් යොදා ගන්නවා නම් මතුපිට ජලය ගලා නොඑන තැන්වලින් සකසා ගත් පළා වර්ග යොදා ගන්න. විශේෂයෙන්ම ආහාර විෂවීම හා පාචනය ගැන අවදානයෙන් කටයුතු කරන්න. යම් ලෙසකින් දන්සැල් ලබාදෙන තැන්වල සෞඛ්‍යානුකූල නොවන ආකාරයේ දෙයක් සිද්ධ වුණොත් එය අත්හිටුවීමට ක්‍රියාමාර්ග අපිට ගන්න වේවි”.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56