ත්‍රීරෝද රථ රියදුරෙක් පැහැරගත් කණ්ඩායමක් අත්අඩංගුවට

වවුනියාව ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරකු පැහැරගෙනගොස් යාපනය කෝපායි හි නිවසක රඳවා වදහිංසා කරමින් සිටි කාන්තාවන් තිදෙනකු ඇතුළු 11 දෙනකු ඊයේ (01) දින රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ නිවසක රඳවා පුද්ගලයකුට පහරදෙමින් වද හිංසා කරන බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් පිරිස හා පැහැරගත් ත්‍රීරෝද රථ රියදුරු සොයාගත් බවයි.

පැහැර ගැනීමෙන් අනතුරුව දැඩි ලෙස පහර කා තුවාල ලබා සිටි වවුනියාව , පූවරසකුලම් ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරු ප්‍රතිකාර සඳහා යාපනය රෝහල වෙත ඇතුළත් කොට තිබෙන බව අප වාර්තාකරු පවසනවා.

පොලිසිය පැවසූයේ ත්‍රිරෝද රථ රියදුරු විසින් විදේශ රටකට යවන බව පවසා පැහැරගැනීමට සම්බන්ධ එක් කාන්තාවකගෙන් මුදල් ලබාගෙන ඇති අතර, එම මුදල් ඉල්ලා සිටි අවස්ථාවේ ගෙවීම පැහැරහැරීම හේතුවෙන් පැහැරගැනීම සිදුකර ඇති බවට මුලිකව අනාවරණය වි ඇති බවයි.

අත්අඩංගුවටගත් කාන්තාවන් පෙරේදා (01) දින උදෑසන කුලී ගමනක් යෑම සඳහා ත්‍රී රෝද රථ රියදුරුට වවුනියාව නගරයට පැමිණෙන ලෙස දන්වා සිට ඇති අතර, එලෙස පැමිණෙමින් සිටියදී වෑන් රථයකින් පැමිණ ඇති සැකකරුවන් පිරිස මෙම පැහැරගැනීම සිදුකොට ඇති බව පොලිසිය පැවසුවා

පැහැර ගැනීම සඳහා යොදාගත් වෑන් රථය හා යතුරු පැදි තුනක් අත්අඩංගුවට ගත් බවත් අත්අඩංගුවටගත් සැකකරුවන් යාපනය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ත් 50 ත් අතර වයසේ පසුවන්නන් බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා

සැකකරුවන් අද (02) යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර යාපනය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ යාපනය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරයා ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?