ත්‍රීරෝද රථ රියදුරෙක් පැහැරගත් කණ්ඩායමක් අත්අඩංගුවට

වවුනියාව ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරකු පැහැරගෙනගොස් යාපනය කෝපායි හි නිවසක රඳවා වදහිංසා කරමින් සිටි කාන්තාවන් තිදෙනකු ඇතුළු 11 දෙනකු ඊයේ (01) දින රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ නිවසක රඳවා පුද්ගලයකුට පහරදෙමින් වද හිංසා කරන බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් පිරිස හා පැහැරගත් ත්‍රීරෝද රථ රියදුරු සොයාගත් බවයි.

පැහැර ගැනීමෙන් අනතුරුව දැඩි ලෙස පහර කා තුවාල ලබා සිටි වවුනියාව , පූවරසකුලම් ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරු ප්‍රතිකාර සඳහා යාපනය රෝහල වෙත ඇතුළත් කොට තිබෙන බව අප වාර්තාකරු පවසනවා.

පොලිසිය පැවසූයේ ත්‍රිරෝද රථ රියදුරු විසින් විදේශ රටකට යවන බව පවසා පැහැරගැනීමට සම්බන්ධ එක් කාන්තාවකගෙන් මුදල් ලබාගෙන ඇති අතර, එම මුදල් ඉල්ලා සිටි අවස්ථාවේ ගෙවීම පැහැරහැරීම හේතුවෙන් පැහැරගැනීම සිදුකර ඇති බවට මුලිකව අනාවරණය වි ඇති බවයි.

අත්අඩංගුවටගත් කාන්තාවන් පෙරේදා (01) දින උදෑසන කුලී ගමනක් යෑම සඳහා ත්‍රී රෝද රථ රියදුරුට වවුනියාව නගරයට පැමිණෙන ලෙස දන්වා සිට ඇති අතර, එලෙස පැමිණෙමින් සිටියදී වෑන් රථයකින් පැමිණ ඇති සැකකරුවන් පිරිස මෙම පැහැරගැනීම සිදුකොට ඇති බව පොලිසිය පැවසුවා

පැහැර ගැනීම සඳහා යොදාගත් වෑන් රථය හා යතුරු පැදි තුනක් අත්අඩංගුවට ගත් බවත් අත්අඩංගුවටගත් සැකකරුවන් යාපනය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ත් 50 ත් අතර වයසේ පසුවන්නන් බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා

සැකකරුවන් අද (02) යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර යාපනය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ යාපනය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරයා ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12