වන්නිල ඇත්තන්ගේ පෙත්සම විභාගයට අභියාචනාධිකරණය දින දෙයි

රඹකැන්ඔය ප්‍රදේශයේ පිහිටි සිය පාරම්පරික නිජබිම්හෙළිපෙහෙළි කොට ඒවා විවිධ වගා කටයුතු සඳහා පෞද්ගලික සමාගම් වෙත පැවරීමට මහවැලි අධිකාරිය ගෙන තිබෙන තීරණයට එරෙහිව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම සැප්තැම්බර් මස 08 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (02) නියම කළා.

මෙම පෙත්සම අද (02) සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම විභාගය සඳහා සැප්තැම්බර් මස 08 වන දා කැඳවන ලෙසයි.

පෙත්සම්කාර ආදිවාසී නායකයා කියා සිටින්නේ රඹකැන් ඔය ප්‍රදේශයෙහි පිහිටි සිය පාරම්පරික නිජබිම හෙළිපෙහෙළි කොට අදාළ ඉඩම් බඩඉරිඟු වගා කිරීම සඳහා පෞද්ගලිකව සමාගම් වෙත ලබාදීමට මහවැලි අධිකාරිය තීරණය කර ඇති බවයි.

මේ තුළින් සිය ප්‍රජාවට දැඩි අයුක්තියක් සිද්ධ වන බවත් එබැවින් අදාළ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ආදිවාසී නායකයා මෙම නඩුව ගොනුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16