යාපනයේ කාබනික ඇඹුල් කෙසෙල් ඉදිරි දින කිහිපයේ ඩුබායි වෙළෙඳපොළට

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මඟින් දැනට රාජාංගනය සහ යාපනය කෙසෙල් අපනයන ආදර්ශ ගම්මාන දෙකක් ස්ථාපිත කර තිබෙනවා.

ඊට අමතරව සෙවණගල හා ඇඹිලිපිටිය කෙසෙල් වගාකරන ගොවීන්ගේ ඉල්ලීම පරිදි මෙම කෙසෙල් අපනයන ආදර්ශ ගම්මාන ව්‍යාපෘති දෙක ස්ථාපිත කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් උපදෙස් දී ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව සෙවනගල ප්‍රදේශයේ කැවෙන්ඩිෂ් නැමැති කෙසෙල් විශේෂයත්, ඇඹිලිපිටිය හා හම්බන්තොට ප්‍රදේශ ආශ්‍රිතව ඇඹුල් කෙසෙල් විශේෂයත් වගා කිරීමට සැළසුම් කර තිබෙනවා.

මෙම වගාවන් දෙකම ආරම්භයේ දී අක්කර 200 බැඟින් අක්කර 400ක් වගා කෙරෙන අතර, ඉන්පසුව එය අක්කර 800ක් දක්වා ව්‍යාප්ත කිරීමටයි කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය සැළසුම් කර ඇත්තේ.

මේ යටතේ වගාව සඳහා තෝරාගන්නා ගොවීන්ට කෙසෙල් වගාව විද්‍යානුකූලව හා ජාත්‍යන්තර වෙළෙඳපොළ ප්‍රමිතීන්ට අනුකූලව වගා කිරීමට අවශ්‍ය කෘෂි තාක්ෂණය හා නවීකරණ වැඩ පිළිවෙළ මෙන්ම අලෙවි කර ගැනීමට අවශ්‍ය විදේශ වෙළෙඳපොළ ද කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් ගොවීන් වෙත සපයනු ලබනවා.

මීට අමතරව එම ව්‍යාපෘතිය විසින් ගොවීන්ට වගාව සඳහා අවශ්‍ය මුල්‍ය ආධාර ද සපයනු ලබන බව එම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් විජේකෝන් සඳහන් කළා.

මේ අතර යාපනය ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතිය කාබනික වගාවක් ලෙස ප්‍රවර්ධනය කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ, අනුව ශ්‍රී ලංකාවේ පළමු කාබනික ඇඹුල් කෙසෙල් අස්වැන්න ඉදිරි දින කිහිපය තුළ ඩුබායි වෙළෙඳපොළට අපනයනය කිරීමට නියමිතයි.

එහි අස්වනු නෙලීම් හා සැකසුම් කටයුතු හෙට (03) දින පෙරවරුවේ ආරම්භ කිරීමට කටයුතු කරනු ඇති.

ඒ, අනුව රාජංගනය ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතියෙන් සෑම සෙනසුරාදා දිනකම ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 12,500ක් ඩුබායි වෙළෙදපොළට අපනයනය කිරීම සිදුවනවා.

ඊට සමගාමීව යාපනයේ කාබනික ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 25,000ක් බැඟින් සතිපතා අපනයනය කිරීමට ද කටයුතු යොදා තිබෙනවා.

දැනට අපනයනය සඳහා ඇඹුල් කෙසෙල් සැකසුම් මධ්‍යස්ථාන දෙකක් රාජංගනය හා යාපනයේ ස්ථාපිත කර තිබෙනවා.

එමෙන්ම ඇඹිලිපිටිය හා සෙවණගල ඇඹුල් කෙසෙල් හා කැවෙන්ඩිෂ් කෙසෙල් ව්‍යාපෘති ආරම්භ වූ පසු බරවකුඹුක හෝ ඒ ආසන්න ප්‍රදේශයක කෙසෙල් අපනයන සැකසුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියට උපදෙස් ලබා දී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32