Update – යාපනයේ මාරක අනතුරින් මියගිය කතුන් දෙදෙනා හඳුනාගැනේ

යාපනය, අල්ලෙපිට්ටි ප්‍රදේශයේදී ඊයේ (01) පස්වරුවේ සිදුවූ අනතුරින් මියගිය කාන්තාවන් දෙදෙනා හඳුනාගත් බව යාපනය – කයිට්ස් පොලිසිය පවසනවා.

යතුරුපැදියක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ දරුණු අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලියින් සිව්දෙනෙකු තුවාල ලැබුවා.

අනතුරින් මියගොස් ඇත්තේ යාපනය,කෝපායි ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 26ක් වූ නවනීදරාසා නිලක්ෂණා නමැති කාන්තාවක් සහ යාපනය, මානිප්පායි ප්‍රදේශයේ පදිංචි කේ.දිව්‍ය නමැති වයස අවුරුදු 31ක කාන්තාවක්.

අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය පැවසුවේ.

මෝටර් රථයේ ගමන්ගත් තුවාලකරුවන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව ද පොලිසිය සඳහන් කර සිටියා.

මියගිය කාන්තාවන් දෙදෙනාගේ මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමුකර තිබෙනවා.

යතුරුපැදියේ සහ මෝටර් රථයේ අධික වේගය අනතුරට හේතු වී ඇති බව පොලිසිය සැකපළ කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43