කොළඹ වරායේ 06 වන ගේට්ටුව ආසන්නයේ දී ඊයේ (01) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලැබුවා.
තුවාල ලැබූවන් ඇතුළත් කෙරුණේ කොළඹ ජාතික රෝහලටයි.
මාර්ග සංවර්ධන වැඩබිමක සේවයේ නිරත පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
බ්ලූමැන්ඩල් වත්ත ප්‍රදේශයේ පදිංචි පිරිසක් මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇති අතර, තුවාලකරුවන් අතර කාන්තාවන් 04 දෙනෙකු ද සිටින බවට වාර්තා වුණා.
එහිදී එක් කාන්තාවක් ප්‍රථිකාර ලබා රෝහලින් පිටව ගොස් ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.
කොළඹ වරාය හරහා ඉදිකරමින් පවතින අධිවේගී මාර්ගයේ ගබඩාවක තිබූ දේපළ සොරකම් කිරීම සඳහා පැමිණි පිරිසක් එම ස්ථානයේ ආරක්ෂාවට සිටි පෞද්ගලික ආරක්ෂක නිලධාරීන්ට පහර දී ගිනි අවිය පහර ගැනීමට උත්සාහ කිරීමේ දී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.




