කොළඹ වරායේ ගේට්ටුවක් අසල වෙඩි තැබීමක් – කතුන් 04 ඇතුළු 09ක් රෝහලේ (වීඩියෝ)

කොළඹ වරායේ 06 වන ගේට්ටුව ආසන්නයේ දී ඊයේ (01) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලැබුවා.

තුවාල ලැබූවන් ඇතුළත් කෙරුණේ කොළඹ ජාතික රෝහලටයි.

මාර්ග සංවර්ධන වැඩබිමක සේවයේ නිරත පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

බ්ලූමැන්ඩල් වත්ත ප්‍රදේශයේ පදිංචි පිරිසක් මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇති අතර, තුවාලකරුවන් අතර කාන්තාවන් 04 දෙනෙකු ද සිටින බවට වාර්තා වුණා.

එහිදී එක් කාන්තාවක් ප්‍රථිකාර ලබා රෝහලින් පිටව ගොස් ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

කොළඹ වරාය හරහා ඉදිකරමින් පවතින අධිවේගී මාර්ගයේ ගබඩාවක තිබූ දේපළ සොරකම් කිරීම සඳහා පැමිණි පිරිසක් එම ස්ථානයේ ආරක්ෂාවට සිටි පෞද්ගලික ආරක්ෂක නිලධාරීන්ට පහර දී ගිනි අවිය පහර ගැනීමට උත්සාහ කිරීමේ දී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

https://youtu.be/ud_RpL32aMQ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුදල් ලේකම් ද්විත්ව පුරවැසියෙක් කියලා සංජීව සාක්ෂි එක්කම හෙළිකරයි ?.. නලින්ද කිව්වේ මොකක්ද එතකොට ?
04:55
Video thumbnail
Praharaya | පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:09:25
Video thumbnail
මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට ගන්නද යන්නේ ?..සංජීව සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
ජනපති කළේ නොදියුණු ගෝත්‍රික ප්‍රකාශයක්..අධිකරණයේ නඩුවක තීන්දුව ජනපතිට අදාළ නෑ
05:33
Video thumbnail
ටී.බී. සරත් තිබ්බ ලෝක වාර්තාව ගැන සංජීව හෙළිකරයි..ආණ්ඩුව මැයි රැළි 21යි කලේ කියලා දන්නේ නෑ
04:43
Video thumbnail
මැයි දිනයක් කරන්න බැරි පොහොට්ටුවට රටේ ආයේ බලය ගන්න පුළුවන්ද ?
03:28
Video thumbnail
පොදුජන පෙරමුණේ මැයි රැළිය නොතිබ්බ ඇත්තම හේතුව මෙන්න..සංජීව හෙළිකරයි
02:24
Video thumbnail
ලාල්කාන්තගේ යට සෙට් එක කරන කැත වැඩේ මෙන්න ? කටින් කියූ සැණින් පරපෝෂිත මල් ගෙන්න අවසර දීලා
07:48
Video thumbnail
ඕපනායක අසමාන කන්දේ උඩ කොටස නාය යෑමකට ලක්වෙයි..පවුල් 30ක පිරිසක් ඉවත් කරයි
03:37
Video thumbnail
ප්‍රසිද්ධියේම ජනපති අධිකරණයට දැඩි බලපෑමක් කළේ..වරප්‍රසාද අස්සේ හැංඟිලා කරපු දැඩි ප්‍රකාශයක්
04:03