දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට එකමුතුව අත්වැල් බැඳගන්න – මැයි දින පණිවුඩය නිකුත් කරමින් ජනපතිගෙන් ආරාධනයක්

සෑම අවස්ථාවකම රට ජයග්‍රහණය කරා මෙහෙයවීමට වැඩකරන ජනතාව ලබාදුන්නේ සුවිශේෂී දායකත්වයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

අදට (01) යෙදෙනෙ ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරනවා.

පසුගිය වසරේ මැයි දිනය සමරන අවස්ථාවේ දී රට ඉතා දරුණු ආර්ථීක කඩා වැටීමකට තිබූ බවත්, ඒ හේතුවෙන් සියලු දෙනාට දැඩි දුෂ්කරතත්වයකට මුහුණදීමට සිදුව තිබූ බවත් ජනාධිපතිවරයා මෙම පණිවුඩය මඟින් සිහිපත්කර තිබෙනවා.

මේ උදාවී ඇත්තේ ශ්‍රී ලාංකික වැඩකරන ජනතාවගේ ලොවට ප්‍රදර්ශනය කර හැකි අවස්ථාවක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

මේ අතර වැඩකරන ජනතාව වෙනුවෙන් ස්ථාපිතකර ඇති සේවක අර්ථසාධක අරමුදලට කිසිඳු හානියක් සිදුවීමට ඉඩ නොතබන බව ද ඔහු මෙහිදී අවධාරණය කරනවා.

එමෙන්ම 2048 වසර වනවිට දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට එකමුතුව අත්වැල් බැඳගන්නා ලෙසට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර මැයි දින පණිවුඩය මඟින් ආරාධනයක් ද කර සිටිනවා.

01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?