ලෝක කම්කරු දිනය අදයි – කොළඹ මැයි රැළිවල ආරක්ෂාවට පොලිසියෙන් 3,500ක්

137 වැනි ලෝක කම්කරු දිනය අදට (01) යෙදී තිබෙනවා.

කම්කරු දිනය වෙනුවෙන් මෙරට ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ සංවිධානය කරන මැයි රැළි, කොළඹ, මහනුවර සහ හැටන් නගර කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ, අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැයි රැළිය අද පස්වරුවේ බොරැල්ල කැම්බල් පිටියේදී ආරම්භවීමට නියමිතව තිබෙනවා.

‘අභියෝග බිඳ අභිලාශ ජය ගනිමු’ යන තේමාව යටතේ මෙවර පොදු ජන පෙරමුණේ මැයි දින රැළිය පැවැත්වෙනවා.

මේ අතර සමගි ජන බලවේගයේ මැයි දින රැළිය, ‘වැඩ කරන ජනතාවගේ අරගලය’ යන තේමාව යටතේ කොළඹ ඒ.ඊ. ගුණසිංහ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සූදානම් කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර, ‘ජය ගමු’ යන තේමාව එම මැයි දින රැළිය පැවැත්වෙනු ඇති.

මේ අතර ජාතික ජන බලවේගයේ මැයි දින රැළිය පැවැත්වෙන්නේ, කොළඹ විහාර මහා දේවි උද්‍යානය අසලදී යි.

‘රට විකුණන ජන පීඩක දූෂීත පාලනය පරදවමු, ජනතාවාදී පාලනයක් ගොඩ නගමු’ යන්න මෙවර ජාතික ජන බලවේගයේ මැයි දින තේමාව වී තිබෙනවා.

‘සවිමත් වෙමු, එක් වෙමු’ යන තේමාව යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය අද (01) පැවැත්වෙන්නේ මහනුවරදීයි.

මේ අතර කොළඹ ඇතුළු ප්‍රධාන දිවයිනේ නගර කිහිපයක පැවැත්වෙන මැයි දින රැළි වෙනුවෙන් විශේෂිත ආරක්ෂාවක් යොදවා ඇති බව පොලිසිය සඳහන් කළා.

ඒ, අනුව කොළඹ නගරයේ පැවැත්වෙන මැයි දින රැළි සහ පෙළපාලිවල ක්ෂේත්‍ර රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 3,500ක ප්‍රමාණයක් යොදවා ඇති බවයි පොලිසිය පැවසුවේ.

එමෙන්ම අද දිනය තුළ කොළඹ නගරයේ විශේෂිත රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක බවයි පොලිසිය වැඩිදුරටත් දැනුම් දුන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14