අධිකරණ සේප්පුවේ මුදල් අතුරුදහන්

මාරවිල දිසා අධිකරණයේ සේප්පුවේ තිබී රුපියල් ලක්ෂ 22 කට වැඩි මුදලක් අස්ථාන ගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම අධිකරණයේම සේවය කරන ලිපිකරුවෙකු සහ ලිපිකාරිණීයකව මාරවිල පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ (27) වැනිදා දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධිකරණ සේප්පුවේ තැම්පත් කර තිබූ රුපියල් 22,07,000 ක මුදලක් අස්ථාන ගත වී ඇති බව මාරවිල අධිකරණයේ රෙජිස්ටාර්වරිය ලෙස සේවය කරන ශාරිකා මානෙල් වික්‍රමනායක යන අය පසුගිය මාර්තු මස 20 වෙනි දින මාරවිල පොලීසියට පැමිණිල්ලක් කරමින් සදහන් කර තිබෙනව බවයි වාර්තා වන්නේ.

මෙම සේප්පුව බාරව අධිකරණයේ සේවය කරන ලිපිකරුවෙකු සහ ලිපිකාරීණියක රාජකාරි සදහා යොදවා සිටි බවද රෙජිස්ටාර්වරිය විසින් පොලීසිය හමුවේ සිදු කර ඇති පැමිණිල්ලේ සදහන් වී තිබෙනවා.

එම පැමිණිල්ල අනුව මාරවිල පොලීසියේ අපරාධ විමර්ශණ අංශය විසින් විමර්ශණයක් ආරම්භ කරන ලද අතර එම විමර්ශණයේදී අධිකරණයේ සේවය කරන කීප දෙනෙකුගෙන්ම ප්‍රකාශ ලබා ගැනීමටද පොලීසිය කටයුතු කර තිබු බව සදහන්.

සිදු කරන ලද විමර්ශණ වලින් අනතුරුව අධිකරණයේ සේප්පුව බාරව සිටි ලිපිකරුවෙකු සහ ලිපිකාරීණියකව අත්අඩංගුවට ගැනීමට මාරවිල පොලීසියේ අපරාධ විමර්ශණ අංශය කටයුතු කර තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු සහ සැකකාරිය සම්බන්ධයෙන් මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශණ සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21