වසන්ත කරන්නාගොඩට ඇමරිකාව දැමූ තහනම ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

හිටපු නාවික හමුදාපතිවරයෙකු මෙන්ම වත්මන් වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ද වන අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් අසාදු ලේඛනගත කිරීම ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා රජය පවසනවා.

එක්සත් ජනපදය ගත් මෙම තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කණගාටු වන බවයි නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙම තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දැඩි කනස්සල්ල විදේශ අමාත්‍ය අලි සබ්රි විසින් එක්සත් ජනපද තානාපතිනි ජූලි චුන්ග් වෙත අද ප්‍රකාශ කළ බව එම නිවේදනයේ දැක්වෙනවා.

ශ්‍රී ලංකාවේ දිගුකාලීන ද්විපාර්ශ්වික හවුල්කරුවෙකු ලෙස, නියමිත ක්‍රියා පටිපාටිය අනුගමනය නොකර එක්සත් ජනපදය විසින් එවැනි ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ගයක් ගැනීම ජාතික සමගිය සහ සංහිඳියාව ආමන්ත්‍රණය කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති ප්‍රවේශයට බාධාවක් බව එහි සඳහන්.

රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ ප්‍රතිසන්ධාන ව්‍යුහයන් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් රජය ලබා ඇති ප්‍රගතිය පිළිබඳ පසුබිමට එරෙහිව මෙම නිවේදනය නිකුත් කිරීම කනගාටුවට කරුණක් බව ද විදේශ අමාත්‍යංශය නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙනවා.

මෙම අභියෝග මධ්‍යයේ වුව ද ශ්‍රී ලංකාව ප්‍රතිසන්ධානය, ආර්ථික ප්‍රකෘතිය සහ සමාජ-ආර්ථික සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම සඳහා අඛණ්ඩව ක්‍රියා කරන බවයි අමාත්‍යාංශය වැඩිදුරටත් කියාසිටියේ.

වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කළ කාලය තුළ සිදුවූ බව කියන මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් ඔහු අසාදු ලේඛන ගත කර ඇති බව අමෙරිකාව ඊයේ නිවේදනය කිරීමෙන් අනතුරුව විදේශ අමාත්‍යංශය මෙම ප්‍රකාශය සිදුකර තිබෙනවා.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි ජේ බ්ලින්කන් විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ, කරන්නාගොඩ සහ ඔහුගේ බිරිඳ වන ශ්‍රීමතී අශෝකා කරන්නාගොඩ යන දෙදෙනාට අමෙරිකාවට ඇතුළුවීමට සුදුසුකම් නොලබන බවයි.

රාජ්‍ය නොවන සංවිධාන සහ ස්වාධීන පරීක්ෂණ මගින් අසාදු ලේඛනගත කරන ලද වසන්ත කරන්නාගොඩ බරපතල මානව හිමිකම් කඩකිරීමක් සිදු කළ බවට එල්ල වී ඇති චෝදනාව බරපතළ බවටයි ඇමරිකාව පෙන්වා දෙන්නේ.

වසන්ත කරන්නාගොඩ මෙලෙස අසාදු ලේඛන ගත කිරීම මගින්, එක්සත් ජනපදය මානව හිමිකම් ආරක්ෂා කිරීම, මානව හිමිකම් කඩකරන්නන් සඳහා දණ්ඩමුක්තිය අවසන් කිරීම, වින්දිතයන් සහ දිවි ගලවා ගත් අයගේ දුක් වේදනා පිළිගැනීම සහ ශ්‍රී ලංකාවේ අපරාධකරුවන් සඳහා වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා වන සිය කැපවීම යලි තහවුරු කරන බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් බ්ලින්කන්ගේ ප්‍රකාශය වැඩිදුරටත් සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දරුවන් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන්
03:00
Video thumbnail
රනිල්ගේ ඇත්ත නැත්ත හෙළිකරන්න පිල්ලෙයාන් කටඅරී
26:36
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන මන්නාරම ජන රැලිය සජීවීව
01:54:56
Video thumbnail
ගාල්ල යක්කලමුල්ල අනතුරේ සජීවී දර්ශන
04:02
Video thumbnail
මරික්කාර් දුම්මල වරම අතට ගනියි - කරපු සැර කතාවට සභාවම නිහඬයි
15:29
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41

?