වසන්ත කරන්නාගොඩට ඇමරිකාව දැමූ තහනම ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

හිටපු නාවික හමුදාපතිවරයෙකු මෙන්ම වත්මන් වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ද වන අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් අසාදු ලේඛනගත කිරීම ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා රජය පවසනවා.

එක්සත් ජනපදය ගත් මෙම තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කණගාටු වන බවයි නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙම තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දැඩි කනස්සල්ල විදේශ අමාත්‍ය අලි සබ්රි විසින් එක්සත් ජනපද තානාපතිනි ජූලි චුන්ග් වෙත අද ප්‍රකාශ කළ බව එම නිවේදනයේ දැක්වෙනවා.

ශ්‍රී ලංකාවේ දිගුකාලීන ද්විපාර්ශ්වික හවුල්කරුවෙකු ලෙස, නියමිත ක්‍රියා පටිපාටිය අනුගමනය නොකර එක්සත් ජනපදය විසින් එවැනි ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ගයක් ගැනීම ජාතික සමගිය සහ සංහිඳියාව ආමන්ත්‍රණය කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති ප්‍රවේශයට බාධාවක් බව එහි සඳහන්.

රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ ප්‍රතිසන්ධාන ව්‍යුහයන් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් රජය ලබා ඇති ප්‍රගතිය පිළිබඳ පසුබිමට එරෙහිව මෙම නිවේදනය නිකුත් කිරීම කනගාටුවට කරුණක් බව ද විදේශ අමාත්‍යංශය නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙනවා.

මෙම අභියෝග මධ්‍යයේ වුව ද ශ්‍රී ලංකාව ප්‍රතිසන්ධානය, ආර්ථික ප්‍රකෘතිය සහ සමාජ-ආර්ථික සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම සඳහා අඛණ්ඩව ක්‍රියා කරන බවයි අමාත්‍යාංශය වැඩිදුරටත් කියාසිටියේ.

වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කළ කාලය තුළ සිදුවූ බව කියන මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් ඔහු අසාදු ලේඛන ගත කර ඇති බව අමෙරිකාව ඊයේ නිවේදනය කිරීමෙන් අනතුරුව විදේශ අමාත්‍යංශය මෙම ප්‍රකාශය සිදුකර තිබෙනවා.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි ජේ බ්ලින්කන් විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ, කරන්නාගොඩ සහ ඔහුගේ බිරිඳ වන ශ්‍රීමතී අශෝකා කරන්නාගොඩ යන දෙදෙනාට අමෙරිකාවට ඇතුළුවීමට සුදුසුකම් නොලබන බවයි.

රාජ්‍ය නොවන සංවිධාන සහ ස්වාධීන පරීක්ෂණ මගින් අසාදු ලේඛනගත කරන ලද වසන්ත කරන්නාගොඩ බරපතල මානව හිමිකම් කඩකිරීමක් සිදු කළ බවට එල්ල වී ඇති චෝදනාව බරපතළ බවටයි ඇමරිකාව පෙන්වා දෙන්නේ.

වසන්ත කරන්නාගොඩ මෙලෙස අසාදු ලේඛන ගත කිරීම මගින්, එක්සත් ජනපදය මානව හිමිකම් ආරක්ෂා කිරීම, මානව හිමිකම් කඩකරන්නන් සඳහා දණ්ඩමුක්තිය අවසන් කිරීම, වින්දිතයන් සහ දිවි ගලවා ගත් අයගේ දුක් වේදනා පිළිගැනීම සහ ශ්‍රී ලංකාවේ අපරාධකරුවන් සඳහා වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා වන සිය කැපවීම යලි තහවුරු කරන බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් බ්ලින්කන්ගේ ප්‍රකාශය වැඩිදුරටත් සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14