මත්කුඩු නඩුවේ විත්තිකරුවන් නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක්

2019 වසරේ උතුරු මුහුදු තීරයේදී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 196 ක් සන්තකයේ තබාගැනීම, ආනයනය කිරීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට ලක්වී සිටි විත්තිකරුවන් 05 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ගත් තීරණයට එරෙහිව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

එම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම සඳහා අදාල තීන්දුව ලබා දුන් කොළඹ මහාධිකරණය වෙත භාරදී තිබෙනවා.

2019 වසරේ අප්‍රේල් මස 21 වනදා ත්‍රිකුණාමලයේ සිට කිලෝ මීටර් හාරසියයක් පමණ ඈත ජාත්‍යන්තර මුහුදේ දී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 196.986 ක් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම විත්ති කරුවන් පස්දෙනා නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එම විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරනු ලැබුවා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ට එරෙහිව එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති හෙයින් ඔවුන් නිදොස් කොට නිදහස් කරන බවට ඉකුත් 6 වනදා තීන්දු කරනු ලැබුවා.

මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ගොනු කරමින් නීතිපතිවරයා සඳහන් කරන්නේ අදාළ තීන්දුව ලබා දීමේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නඩු විභාගයේ දී පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ සාක්ෂි නිසි ලෙස ඇගයීමක් සිදු කර නොමැති බවයි.

අදාල නඩුවේ දී සාක්ෂි දුන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ගේ සාක්ෂි ද විනිසුරු මඩුල්ල විසින් අවසන් තීන්දුවට එළඹීමේදී සැලකිල්ලට භාජනය කර නොමැති බවත් එම අභියාචනයේ සඳහන් කර තිබෙනවා.

එමෙන්ම නඩු විභාගයේ දී නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කළ සාක්ෂි ද විනිසුරු මඩුල්ල විසින් නිසි ලෙස සලකා බැලීමට අසමත් වී ඇති බවත් අදාළ අභියාචනයේ චෝදනා කොට තිබෙනවා.

මෙම නඩු විභාගයේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් පැමිණිල්ලට සාධාරණ නඩුවිභාගයක් ලබා නොදුන් බව අදාළ අභියාචනය තුලින් එල්ල කර තිබෙන තවත් චෝදනාවක්.

ඒ අනුව අදාල විත්තිකරුවන් පස්දෙනා නිදොස් කොට නිදහස් කරමින් ඉකුත් අප්‍රේල් මස 6 වනදා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් දුන් තීන්දුව බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙසද නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

එමෙන්ම නිදහස් කරන ලද විත්තිකරුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඔවුන්ට නීතිය අනුව ලබා දිය හැකි දඬුවම් නියම කරන ලෙසත් නිතිපතිවරයා සිය අභියාචනය තුළින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04