ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයට එන ඉන්දීය සංචිතය නම්කෙරේ

අයි.සී.සී. ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය සඳහා එක්වන ඉන්දීය සංචිතය මේ වනවිට නම්කර තිබෙනවා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතය සඳහා වසරකට වැඩි කාලයකට පසු මැදපෙළ පිතිකරු අජින්ක්‍යා රහනේ කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

ශ්‍රෙයාස් අයියර්ට පිටකොන්දේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය අහිමිව යන අතර, ඔහු වෙනුවටයි රහානේගේ මෙම සංචිතය කැඳවා ඇත්තේ.

ඊට අමතරව මේ දිනවල පැවැත්වෙන අයි.පී.එල් තරගාවලියේ දී දක්වන දක්ෂතා ද රහානේගේ මෙම කැඳවීමට හේතු වී තිබෙනවා.

මේ අතර ඉන්දීය සුපිරි පිතිකරු සූර්යකුමාර් යාදෙව්ට මෙම සංචිතයේ ඉඩක් හිමිව නොමැතිවීම ද විශේෂත්වයක්.

දඟපන්දු යවන්නන් වන රවිචන්ද්‍රන් අශ්වින්, රවීන්ද්‍ර ජඩේජා සහ අක්සාර් පටෙල් සංචිතයට ඇතුළත්ව ඇති අතර ෂර්දුල් තාකූර්, මොහොමඩ් ෂාමි, මොහොමඩ් සිරාජ්, උමේෂ් යාදව් මෙම සංචිතයට ඇතුළත් වේග පන්දු යවන්නන්.

ලෝක ටෙස්ට් ශූරතාව සඳහා වන අවසන් මහා තරගය ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව සමඟ එළෙඹෙන ජූනි 7 වැනිදා ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

ටෙස්ට් ශූරතා අවසන් මහා තරගය සඳහා එක්වන ඕස්ට්‍රේලියනු සංචිතය මීට පෙර නම් කරනු ලැබුවා.

ඉන්දීය සංචිතය පහතින්.

රෝහිත් ශර්මා (නායක), ශුබ්මන් ගිල්, චෙටේෂ්වර් පුජාරා, විරාට් කෝලි, අජින්ක්‍යා රහනේ, කේ.එල් රාහුල්, කේ.එස් භාරත් , රවිචන්ද්‍රන් අශ්වින්, රවීන්ද්‍ර ජඩේජා, අක්සාර් පටෙල්, ෂර්දුල් තාකූර්, මොහොමඩ් ෂාමි, මොහොමඩ් සිරාජ්, උමේෂ් යාදව්, ජේදේව් උන්ඩ්කට්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39