මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ තුනක් පෑලියගොඩ දී අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු පෑලියගොඩ – මීගහවත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී අත්අඩංගුවට ගත බව පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය මාර්තු මස 30 වනදා මට්ටක්කුලිය ප්‍රදේශයේ දී තියුණු ආයුධකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකැකරුවන් බවයි වාර්තා වුණේ.

පෑලියගොඩ – මීගහවත්ත ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදී ඊයේ (24) මෙම සැකකරුන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් අවුරුදු 22, 23 සහ 32 වයස්වල පසුවන මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් සන්තයේ තිබී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 570ක් ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.

සැකකරුවන් ඊයේ (24) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමටයි පොලීසිය කටයුතු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40