උතුරු නැගෙනහිර හර්තාල් ව්‍යාපාරයක්

උතුරු සහ නැගෙනහිර පළාත්වල ලබන 25 වනදා හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ එක්ව මෙම හර්තාල් ව්‍යාපාරය සංවිධානය කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්‍කම් ප්‍රකාශ කළේ.

ත්‍රස්ත විරෝධී පනත ඇතුළු දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු කිහිපයක් මුල් කරගනිමින් එම හර්තාල් ව්‍යාපාරය පැවැත්වීමට සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කළා.