හිටපු නීතිපති ලබන සඳුදා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට?

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා ලබන සඳුදා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.

මීට පෙර අවස්ථා දෙකකදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දන්වා තිබූ අතර එම අවස්ථා දෙකේදීම හිටපු නීතිපතිවරයා පෙනී සිටීමට නොහැකිවීම සම්බන්ධයෙන් දැනුම් දී තිබූ බවයි වාර්තා වූයේ.

ඒ අනුව ලබන සඳුදා දිනයේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස හිටපු නීතිපති දප්පුල ද ලිවේරාට දැනුම් දී තිබෙනවා.

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස හිටපු නීතිපති දප්පුල ද ලිවේරාට දැනුම් දුන් බවයි පොලිසිය සඳහන් කළේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස ඇති කුමන්ත්‍රණයක් පිළිබඳ ඔහුගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා සිය කාර්යාලයෙන් ඉවත්ව යන දිනයේ කළ ප්‍රකාශය පිළිබඳව පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ අනාවරණ කළා.

2019 වසරේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවල විශ්වසනීයත්වයට එය බලපාන බැවින් එම ඉල්ලීම සම්බන්ධයෙන් හිටපු නීතිපතිවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගත යුතු බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

ඒ අනුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අදාළ සිදුවීම් සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය හිටපු නීතිපතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18