අඹු සැමි ආරවුලෙන් ගෙයක් ගිනි බත් වෙයි (ඡායාරූප)

අඹු සැමි ආරවුලක් දුරදිග ගොස් බීමත් සැමියා සිදු කළ ගිනි තැබීමකින් නිවසක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.

එප්පාවල කැලේසියඹලෑව, අංක 03 ගම්මානයේ නිවසක් මෙලෙස ගිනි ගෙන විනාශ වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

සාලය, නිදන කාමරයක් හා මුළුතැන්ගෙයකින් සමන්විත මෙම නිවස අද පස්වරු 5ට පමණ මෙලෙස ගිණි ගෙන විනාශ වී තිබෙනවා.

ගින්නෙන් නිවසේ සාලයේ තිබූ අල්මාරියක් ඇතුළු විදුලි උපකරණ ද විනාශ වී ඇති අතර නිවසේ වහලය ද කඩා වැටී ඇතැයි සඳහන්.

අදාළ නිවසේ සැමියා හා බිරිඳ පස්වරුවේ ඇති කරගත් ආරවුලකින් පසු මෙලෙස නිවසට ගිනි තැබීමට සැකකාර සැමියා කටයුතු කර ඇති අතර, ඔහු ඒ අවස්ථාවේ බීමතින් සිට ඇති බවටයි හෙළිවී ඇත්තේ.

බීමත් සැමියා විසින් පෙට්‍රල් දමා නිවස ගිනි තබා ඇති අතර ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ගින්න නිවා දැමීමට එප්පාවල පොලිසිය කටයුතු කර තිබෙනවා.

කෙසේවෙතත් ඒ වන විටත් නිවස සම්පූර්ණයෙන් විනාශ වී තිබූ බවයි එප්පාවල පොලිසිය ප්‍රකාශ කළේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගෙහිමි කාන්තාව…

මහත්තයා අයියලාගේ ගෙදර ගිහින් ඇවිත්, බීලා හිටියේ, මට මල්ලිගෙන් කෝල් එකක් ආවා, මල්ලි ඇහුවා “අක්කේ අයියා මේ ටිකේ බිව්වේ නැද්ද කියලා ?” නැත්තේ මොකද බිව්වා කියලා මම කිව්වා. ඒක කිව්වා කියලා මගේ පස්සෙන් ෆෝන් එක උදුරාගන්න කියලා පන්නාගෙන ආවා. මම කිව්වා ෆෝන් එක නම් දෙන්නේ නෑ කියලා. ඊට පස්සේ ගේ ඇතුළට ගිහින් දොර වහගත්තා. ඊට පස්සේ අම්මයි, මමයි, දුවයි තුන්දෙනාම එළියේ හිටියේ. ඊට පස්සේ මම දොරට පයින් ගැහුවා, ගැහුවා ඇරියේ නෑ, ඊට පස්සේ අල්මාරිය ඇරගෙන අල්මාරිය ඇතුලේ තිබුණ සල්ලි ටික සාක්කුවේ දාගෙන දොර ඇරියා. රුපියල් 28000ක් අරගෙන තිබ්බා. ඊට පස්සේ මම ගේ ඇතුලට යන්න හදන කොට මට පයින් ගැහුවා. මම පොල්ලක් අරගෙන ආවා ගහන්න කියලා, ඊට පස්සේ අම්මා මගෙන් අල්ලාගෙන ගහන්න එපා කිව්වා. ඊට පස්සේ උදැල්ලක් අරගෙන අම්මාට කොටන්න ආවා. ඊට පස්සේ ගේ ඇතුලේ ප්‍රෙට්‍රල් කෑන් එකක් තිබුණා තණ කොළ කපන්න ගෙන ආපු, ඊට පස්සේ අල්මාරිය ඇරියා, රෙදි ඔක්කොම බිමට වැටුනා. ඊට පස්සේ පෙට්‍රල් ඉහලා ගිණි තිබ්බා. ගේ ඇතුලේ තිබුණ ඇඳන් මෙට්ට, ඉලෙක්ට්‍රික් බඩු ඔක්කොම ගිණි ගත්තා. මට ලඟට එන්නත් බෑ මාවත් ඇඳලා ගිණි ගොඩට දායි කියලා බයයිනේ. මං එප්පාවල පොලීසිය කෝල් කළා තුන් හතර පාරක්, මං ඊට පස්සේ පොලිසියට යන්න කියලා හදන කොට මුලු ගේම පත්තු වෙලා ඉවරයි. දැන් සල්ලිත් අරගෙන, ගෙටත් ගිනි තියලා පැනලා ගියා. කොහේ ගියාද දන්නේ නෑ. මීට කලිනුත් දෙතුන් පාරක්ම රන්ඩු වුණාම ඇදුම් වලට ගිණි තියලා එහෙම තියනවා. කලින් එයා ආමි එකේ ඉඳන් අයින් වෙලා, කොළඹ ගීහින් ඩ්‍රයිවින් රස්සාවක් කලේ, අවුරුදුවලට ඇවිත් ගෙදර ෂීට් පවා ගලවලා විකුණලා තිබුණා…

නිවසට ගිනි තබා පළා ගිය සැමියා සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්නපුරත් ගංවතුරෙන් යටවෙයි - මිනිස්සු අමාරුවේ වැටෙයි
01:47
Video thumbnail
"උලපනේ කන්දක් නායයෑමේ අවදානමක්." හැමෝම දැනුවත් කරන්.. දැනටමත් ගල් ගලවගෙන එනවා..
00:43
Video thumbnail
ඇමති හොරකම් කරගත්ත සල්ලි ටික මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙන් ගන්නවා
14:26
Video thumbnail
අයහපත් කාලගුණය නිසා නුවරඑළියේ පාසල්වලට නිවාඩු
01:13
Video thumbnail
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
01:18
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29