කිලිනොච්චියේ පුතෙක් ආනන්තරිය පාප කර්මයක් කර ගනියි

කිලිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේදී පුත්‍රයා සිදුකළ පහරදීමකින් පියෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසූවේ බීමතින් පැමිණි පුතා විසින් අද (19) අලුයම පියාට සිදු කළ පහරදීමකින් මෙම මරණය සිදු වී ඇති බවයි.

මියගොස් ඇත්තේ 66 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකාර පුත්‍රයා විසින් 60 හැවිරිදි මවට ද පහරදී තුවාල සිදුකොට ඇති අතර, ඇය ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ මළ සිරුර මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව, පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා කිලිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරයට යොමු කිරීමට නියමිතයි.

සිද්ධියට අදාළ සැකකාර 22 හැවිරිදි පුත්‍රයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති තිබෙනවා.

ඔහු අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහිව සිට ඇති බවටයි පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් ධර්මපුරම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56