කාදිනල් හිමිපානණ්ගෙන් සැර ප්‍රකාශයක්

අද කළු ඉරිදාවක් ලෙස සාමකාමී විරෝධතාවක් කතෝලික පිරිස විරෝධතාවයක නියෙලුණා.අප්‍රේල් මස 21 වන දාට පෙර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක නොවුණහොත් මීටත් වඩා ශක්තිමත්ව ජනතාව පෙළ ගස්වන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ කළු ඉරිදා විරෝධයට සමගාමීව කටුවාපිටිය දේවස්ථානය ඉදිරිපිට පැවති සාමකාමී විරෝධතාවට අද එක්වෙමින්.

2019 වසරේ අප්‍රේල් මස 21 වනදා ඉස්ලාම් අන්තවාදීන් අටදෙනෙකු දියත් කළ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවකින් 269 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී මේ වන විට වසර දෙකකට ආසන්න  වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ ජනාධිපති කොමිසම සිය වාර්තාව පසුගිය දා ජනාධිපතිවරයා වෙත භාර දී තිබුණා. එම වාර්තාවට අනුව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම්වරයා, හිටපු පොලිස්පතිවරයා, බුද්ධි අංශ ප්‍රධානීන් ඇතුලු පිරිසකට අපරාධ චෝදනා ගොනු කිරීම ඇතුලු තවත් නිර්දේශ රැසක් එහි දැක්වුණා.මෙම වාර්තාව ප්‍රකාශයට පත් වීමෙන් පසුව ඊට බොහෝ පිරිසක් විරෝධය පළ කළ අතර, එවන් පසුබිමක් තුළදියි කොළඹ අගරදගුරු පදවිය, අද දිනය කළු ඉරිදාවක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවේ. ඒ, පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් ඉටු නොවූ බව පවසමින්.ඒ අනුව දිවයින පුරා කතෝලික දේවස්ථානවලදී අද කළු ඉරිදා සැමරුම් සංවිධාන කර තිබුණා.

පාස්කු ප්‍රහාරය එල්ල වූ පළමු වේලාව ලෙස සටහන් වූ පෙරවරු 8.45ට සියලු දේවස්ථානවල සීනුව නාද කෙරුණේ ප්‍රහාරයෙන් මිය ගිය බැතිමතුන්සිහි කරමින්.ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දේව මෙහෙය ආරම්භ කෙරුණේ, අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. එම අවස්ථාවට බෞද්ධ භික්ෂූන් වහන්සේලා මෙන්ම ජනතාවද එක්ව සිටියා.එමෙන්ම, කටුවාපිටිය දේවස්ථානයේ සහ මඩකලපුව සියොන් දේවස්ථානයේද අද සැමරුම් පැවැත්වුණා. මෙම දේවස්ථානවල මෙන්ම දිවයිනේ බෙහෝ දේවස්ථාන වෙත පැමිණි බැතිමතුන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවයක ද නිරත වුණා.කොච්චිකඩේ දේවස්ථානයේ දේව මෙහෙයෙන් අනතුරුව පැවති නිහඩ විරෝධතාවයට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද එක්ව සිටියා.

එමෙන්ම, කටුවාපිටිය දේවස්ථානයට ද අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එක්ව සිටි බවයි අප වාර්තාකරු සදහන් කළේ.මේ අතර, ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කතෝලික සභාව ප්‍රකාශයට පත්කළ කළු ඉරිදාවට තමන්ගේ සහය ද ලබා දෙන බවයි. ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතිය හමුවට ගෙන ඒමට කඩිනමින් කටයුතු කළ යුතු බව ද එහි දක්වා තිබෙනවා.එසේම කතෝලික සභාව ප්‍රකාශයට පත් කළ කළු ඉරිදාවට ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික කිතුනු ජනතාව ද සහය පළකර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46