රටවල් රැසකින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට රැකියා අවස්ථා රැසක්

ජපානයේ සාත්තු සේවක රැකියා, එංගලන්තය, කැනඩාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල හෝටල් ක්ෂේත්‍රෙය් රැකියා අවස්ථා, යුරෝපානු රටවලට සාත්තු සේවක රැකියා අවස්ථා, සෞදි අරාබියේ ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් රැකියා අවස්ථා දැවැන්ත වශයෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට විවෘත වී ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.

මෙම රැකියා ඉල්ලුමට සරිලන පුහුණු ශ්‍රමිකයින් සපයාගැනීමට නොහැකි වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

මෙම රැකියා අවස්ථා සම්පූර්ණ කරගැනීම සදහා අවශ්‍ය පුහුණු ශ්‍රමිකයින් බිහි කරගත යුතු බවත්, විදේශ රැකියා ඉලක්ක කරගත් වෘත්තීය පුහුණුව ලබාදීම සදහා වෘත්තීය පුහුණු අධිකාරිය සමග ගිවිසුම් ගත වන බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ වෘත්තීය පුහුණු අධිකාරිය අතර අද (18) උදෑසන අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ අවස්ථාවට එල්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මෙම අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ලබාදෙන නිර්නායකයන්ට අනුව, විදේශ රැකියා සදහා අවශ්‍ය නිපුණතාවයන් සහිත වෘත්තිකයින් පුහුණු කිරීම, ඔවුන්ට අවශ්‍ය ජාතික වෘත්තීය සුදුසුකම් සහිතකය ලබාදීම සහ අනෙකුත් වෘත්තීය සහතික ලබාදීම ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය විසින් සිදු කරනු ලබනවා.

විදේශ රැකියා අවස්ථා ලබාදීමේදී වෘත්තීය පුහුණු අධිකාරියෙන් පුහුණුව ලැබූ ශ්‍රමිකයින්ට ප්‍රමුඛතාවය ලබාදීමට නියමිතයි.

මෙම අවබෝධතා ගිවිසුම අනුව වෘත්තීය පුුහුණව සදහා සිසුන් ලියාපදිංචි කිීම, ඔවුන්ට ප්‍රමිතිගත පුහුණුවක් ලබාදීම, ඔවුන්ගේ පුහුණුව නියාමනය කිරීම සහ සහතිකකරණය, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාර්ගෝපදේශයන්ට යටත්ව, සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14