මතීෂගේ අවසන් පන්දුවාරය චෙන්නායි පිළට සුපිරි ජයක් ගෙන එයි

යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ක්‍රියාත්මක කළ සුපිරි අවසන් පන්දුවාරයත් සමග ඊයේ (17) රාත්‍රියේ අයි.පී.එල්. පිටියේ පැවති තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට මහේන්ද්‍ර සිං දෝණි නායකත්වය දරණ චෙන්නායි සුපර් කිංග්ස් පිළට හැකියාව ලැබුණා.

මෙම තරගයේ දී ප්‍රතිවාදීන් වූ ප්‍රබල රෝයල් චැලෙන්ජස් බැංගලෝර් පිළ පරදා චෙන්නායි ක්‍රීඩකයින් ජය ගත්තේ ලකුණු 08කින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් චෙන්නායි ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 226ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී බැංගලෝර් පන්දු යවන්නන්ට ආරම්භයේ සිටම අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළ ඩෙවෝන් කොන්වේ පන්දු 45ක් තුළ වේගවත් ලකුණු 83ක් රැස් කිරීමට සමත් වුණා.

අනෙක් අන්තයේ සිට ඔහුට අනගි සහයක් ලබාදුන් ශිවම් ඩුබේ ලකුණු 52ක් වාර්තා කළේ පන්දු 27ක් පමණක් වැය කරමින්.

එහිදී බැංගලෝර් පන්දු යවන්නන් හයදෙනාම චෙන්නායි පිළේ එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමන්ත වූ අතර, නියමිත පන්දුවාර 20 අවසන් වනවිට චෙන්නායි ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු 07කට ලකුණු 226ක් ලෙසයි.

ලකුණු 227ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බැංගලෝර් පිතිකරුවන්ගේ මුල් කඩුලු දෙක ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දවාගන්නට ආකාෂ් සිං සහ තුෂාර් දේශපාන්ඩේට හැකියාව ලැබුණා.

මුල් කඩුලු දෙක ඉතා අඩු ලකුණු සංඛ්‍යවකට දැවී ගියත් ඉලක්කය හඹායාමේ අභියෝගය පහසුවෙන් අත් නොහැරි බැංගලෝර් නායක ෆාෆ් ඩූ ප්ලෙසිස් සහ ග්ලෙන් මැක්ස්වෙල් සිය ප්‍රහාරය ආරම්භ කළේ චෙන්නායි ක්‍රීඩා පිරියේ රැඳී සිටි ප්‍රේක්ෂකයින්ගේ ඔල්වරසන්දීම නවතා දමමින්.

එහිදී වේගවත් ඉනිමක් දියත් කළ ඩූ ප්ලෙසිස් පන්දු 33ක් තුළ ලකුණු 62ක් රැස්කළ අතර, පන්දු 36කට මුහුණ දෙමින් ප්‍රවේගකාරී ඉනිමක් දියත් කළ මැක්ස්වෙල් ලකුණු 76ක් රැස් කළා.

ෆාෆ් ඩූ ප්ලෙසිස්ගේ ඉනිම අවසන් කිරීමට මොයින් අලීට හැකියාව ලැබුණු අතර, චෙන්නායි පිළට දරුණු හිසරදයක්ව තිබූ මැක්ස්වෙල්ගේ අනුකම්පා විරහිත ප්‍රහාරය නවතා දමන්නට මහීෂ් තීක්ෂණට හැකියාව ලැබුණා.

ඔවුන් දෙදෙනාගේ දැවීයාමෙන් අනතුරුව බැංගලෝරයේ බලාපොරොත්තුවත් තවමක් දුරට ඈත්ව ගිය අතර, දිනේෂ් කර්තික් ජයග්‍රහණයේ වගකීම කරට ගෙන පිතිකරණයේ යෙදුන ද ඔහුටද එතරම් දිගු ඉනිමක් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වූයේ නැහැ.

ඒ, අනුව මෙම තරගයේ ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාරයේ දී බැංගලෝර් පිළට හිමි වූ ඉලක්කය ලකුණු 19ක්.

එහිදී චෙන්නායි නායක මහේන්ද්‍ර සිං දෝණි, මතීෂ පතිරණ කෙරෙහි දැඩි විශ්වාසයක් තබමින් අවසන් පන්දුවාරය යැවීමේ වගකීම ඔහුට භාර කෙරුණා.

එම අභියෝගාත්මක වගකීම නොබියව භාරගත් මතීෂ බැංගලෝර් ඉනිමේ අවසන් පන්දුවාරය ලකුණු 10කට සීමා කරමින් චෙන්නායි පිළට ජයග්‍රහණය ගෙන ඒමට සිය දායකත්වය ලබා දුන්නා.

ඒ, අනුව අගනා පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ සිය පන්දුවාර 04 තුළ ලකුණු 41ක් ලබාදෙමින් ප්‍රතිවාදීන්ගේ කඩුලු 02ක් බිද දැමීමට සමත් වුණා.

බැංගලෝර් ඉනිමේ නියමිත පන්දුවාර 20 අවසන් වනවිට එහි ලකුණු පුවරුව ලියවී තිබුණේ කඩුලු 08කට ලකුණු 218ක් ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
80
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16