අද සිට බිත්තරයක් 50ට අඩුවෙන් – හදිසියේ මිල අඩුකළ උපක්‍රමයත් හෙළිවෙයි

පාරිභෝගිකයින් වෙත බිත්තරයක් රුපියල් 50.00ට අඩුවෙන් ලබාදීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කළා.

බිත්තර සංගම් නියෝජිතයින් රැස් වී මෙම තිරණය ගත් බවයි එම සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක සඳහන් කළේ.

ඒ, අනුව පාරිභෝගිකයන්ට අද දිනයේ සිට මෙම සහනය ලබාදෙන බවත් ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් සුදු බිත්තරයක උපරිම මිල රුපියල් 44.00 ක් ලෙසත්, රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46.00ක් ලෙසත් දන්වමින් රජය විසින් නිවේදනයක් මීට පෙර නිකුත් කරනු ලැබුවා.

මේ අතර මෙලෙස බිත්තර මිල අඩු කිරීම සම්බන්ධයෙන් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන අදහස් දක්වා සිටියා.

එහිදී ඔහු සඳහන් කළේ මේ වනවිට බිත්තර නිෂ්පාදකයන් සතුව එකතු වී තිබෙන බිත්තර තොග අලෙවි කරගැනීමේ උපක්‍රමයක් ලෙස මෙලෙස බිත්තර මිල අඩු කිරීමට තීරණය කර ඇති බවයි.

අප්‍රේල් මාසය තුළ බිත්තර අලෙවිය වැඩිපුර සිදුවන්නේ 10,11 සහ 12 යන දිනයන් වලදී බව සඳහන් කළ සභාපතිවරයා ඉන් 75%ක්ම මිල දී ගනු ලබන්නේ හෝටල් සහ බේකරි හිමියන් බවත් සඳහන් කර සිටියා.

අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් පසුගිය 13 වනදා සිට වසා දැමුණු හෝටල් සහ බේකරි යළි විවෘත කරන්නේ ලබන 20 වනදා බවත් බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසුවා.

ඒ, අනුව හෝටල් සහ බේකරි වසා තිබීම හේතුවෙන් මේ දිනවල අලෙවිකර ගැනීමට නොහැකිව බිත්තර නිෂ්පාදකයන් සතුව එක්රැස්ව ඇති බිත්තර තොග අලෙවිකර ගැනීමේ උපක්‍රමයක් ලෙස මෙලෙස බිත්තර මිල අඩු කිරීමට තීරණය කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

  1. GATHI NOWENA UN INNAWA NAM MUNGE BITHTHARA SALLI DEELA GANNAMA EPA. MUNTAMA KANNA IDA DENNA. MUN KAPALU MUSALAYO APE UTHSAWA KALETA KRUTHIMA LESA HINGAYAK ATHI KARALA MILA WADI KARALA JADA LESA BUSINESS KALA. SALLI ATHI UN GATHTHA. NAMUTH OWA GANNE SAMANAYA MINISSU. UN OWA GATTHE NAHE. DAN ME TRY EKA MUNGE BUSINESS WATILA NISA EWA WIKUNA GANNA AWURUDDHEN PASS.E DAN MOKATADHA MUNGE ITTHARA. MUNTA DEKATA NAMILA OWA GAHAGANNA KIYAHAN!@#$%^&*()_



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30