AFC Banner
Empty Ad
Empty Ad

චීනයේ මුහුදු ජල මට්ටම ඉහළට

චීනයේ වෙරළබඩ ප්‍රදේශවල මුහුදු ජල මට්ටම පෙර වසරවලට වඩා ඉහළ නැඟ තිබීම කෙරෙහි චීන රජයේ දැඩි අවධානය යොමු වී තිබෙනවා.

චීනයේ මූල්‍ය කේන්ද්‍රය වශයෙන් සැළකෙන ෂැංහයි නගරය ද මෙම වෙරළබඩ කලාපය තුළ පිහිට තිබෙන බැවින් අවට මුහුදේ ජල මට්ටම ඉහළ නැගීම ෂැංහයි නගරයට බලවත් තර්ජනයක් එල්ල කර ඇති බව චීන බලධාරීන් පවසනවා.

පසුගිය වසරේ චීනයේ වෙරළබඩ කලාපයේ ජල මට්ටම මිලිමීටර් 94ක් හෙවත් අඟල් 3.7 කින් ඉහළ නැඟ තිබුණා.

එය අසාමාන්‍ය ඉහළ අගයක් බවටයි චීන බළධාරීන් අනතුරු අඟවා තිබුණේ.

චීන වෙරළබඩ කලාපය තුළ මුහුදු ජලයේ උෂ්ණත්වය ද අසාමාන්‍ය ලෙස ඉහළ අගයක් පෙන්නුම් කරන අතර, ගෝලීය උණුසුම ඉහළ යාම ඊට හේතු විය හැකි බවයි චීන රජය කියා සිටින්නේ.

බිලියන 1.4ක ජනගහනයක් සිටින චීනයේ 45%ක ජන කොටසකගේ නිවහන වී තිබෙන්නේ වෙරළබඩ කලාපයයි.

තවද, චීන ආර්ථික අවශ්‍යතාවන්ගෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් සැපයෙන්නේ වෙරළබඩ කලාපයෙන්.

චීනයේ ධනවත්ම සහ වඩාත්ම සංවර්ධනය වූ නගරය වන ෂැංහයි නගරය ද අයත්වන්නේ වෙරළබඩ කලාපයටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?