චීනයේ මුහුදු ජල මට්ටම ඉහළට

චීනයේ වෙරළබඩ ප්‍රදේශවල මුහුදු ජල මට්ටම පෙර වසරවලට වඩා ඉහළ නැඟ තිබීම කෙරෙහි චීන රජයේ දැඩි අවධානය යොමු වී තිබෙනවා.

චීනයේ මූල්‍ය කේන්ද්‍රය වශයෙන් සැළකෙන ෂැංහයි නගරය ද මෙම වෙරළබඩ කලාපය තුළ පිහිට තිබෙන බැවින් අවට මුහුදේ ජල මට්ටම ඉහළ නැගීම ෂැංහයි නගරයට බලවත් තර්ජනයක් එල්ල කර ඇති බව චීන බලධාරීන් පවසනවා.

පසුගිය වසරේ චීනයේ වෙරළබඩ කලාපයේ ජල මට්ටම මිලිමීටර් 94ක් හෙවත් අඟල් 3.7 කින් ඉහළ නැඟ තිබුණා.

එය අසාමාන්‍ය ඉහළ අගයක් බවටයි චීන බළධාරීන් අනතුරු අඟවා තිබුණේ.

චීන වෙරළබඩ කලාපය තුළ මුහුදු ජලයේ උෂ්ණත්වය ද අසාමාන්‍ය ලෙස ඉහළ අගයක් පෙන්නුම් කරන අතර, ගෝලීය උණුසුම ඉහළ යාම ඊට හේතු විය හැකි බවයි චීන රජය කියා සිටින්නේ.

බිලියන 1.4ක ජනගහනයක් සිටින චීනයේ 45%ක ජන කොටසකගේ නිවහන වී තිබෙන්නේ වෙරළබඩ කලාපයයි.

තවද, චීන ආර්ථික අවශ්‍යතාවන්ගෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් සැපයෙන්නේ වෙරළබඩ කලාපයෙන්.

චීනයේ ධනවත්ම සහ වඩාත්ම සංවර්ධනය වූ නගරය වන ෂැංහයි නගරය ද අයත්වන්නේ වෙරළබඩ කලාපයටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06