අවුරුද්දට ගමේ ගිය අයට කොළඹ එන්න ප්‍රවාහන පහසුකම්

අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අද (15) සිට විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එළැඹෙන 17 වැනිදා දක්වා මෙය ක්‍රියාත්මක වන එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ගමනාගමන අධිකාරි එන්.ජේ. ඉදිපොළගේ පැවසීය. ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අද සිට බස් රථ යොදවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණ හංස පැවසීය. අද දිනයේ 10%ක පමණ බස් රථ ප්‍රමාණයක් ධාවනයට එක් කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?