සැක කටයුතු ලෙසට මියගොස් සිටි පුද්ගල සිරුරක් හමුවෙයි

කැස්බෑව මාකන්දන ප්‍රදේශයේ මාර්ගයක සැකකටයුතු ආකාරයෙන් යතුරු පැදියක් සමග වැටී මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද අළුයම සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ බොරලැස්ගමුව වැව පාරේ පදිංචිව සිටි 34 හැවිරිදි පුද්ගලයෙක්.

කැස්බෑව බණ්ඩාරගම මාර්ගයේ විතානන් පේරුව වංගුවේ දී යතුරුපැදිය බණ්ඩාරගම දෙස සිට පැමිණීමේදී අද වැටී ඇදී ආ බවට මාර්ගයේ සලකුණු දක්නට ඇති අතර මළ සිරුර මාර්ගයේ මුනින් අතට තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

මියගිය ගිය පුද්ගලයාගේ මුහුණට බරපතල තුවාල සිදුවී තිබූ බව සඳහන්.

මෙම මරණය යතුරුපැදිය ලිස්සා ගොස් අනතුරට ලක්වී සිදුවූවාද ? එසේත් නොමැති නම් වෙනත් වාහනයක් යතුරුපැදියේ ගැටී සිදු වූ වාද? යන්න හෝ වෙනත් සිද්ධියක් මුල් කරගෙන මරණය සිදු වූවා ද යන්න අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14