අම්බලන්ගොඩ අකුරල මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයෙකු රළ පහරකට හසුවී ගසාගෙන ගොස් අතුරුදන්ව තිබෙනවා.
දිය නෑමට ගිය තරුණයන් තුන්දෙනෙකු අතරින් අයෙක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
රළ පහරට හසුවූ අනෙක් දෙදෙනා එම ස්ථානයේ සිටි පිරිසක් විසින් බේරාගෙන තිබෙනවා.
අතුරුදන් වී ඇත්තේ මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙක්.













