ක්ෂේත්‍ර කිහිපයක් ගැන ජපානය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම, මානව සම්පත් සංවර්ධනය, ජපන් ආයෝජන ලංකාවට ගෙන්වා ගැනීම සහ සංචාරක ප්‍රවර්ධනය සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා රජය සහ ජපානයේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික සමූහයක් වන පැසෝනා සමූහය එළඹ තිබෙනවා.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ජපන් නිල සංචාරය අතරවාරයේදී Awaji Island හි “Wave Riding Festival” රඟහලේදී යි මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබා ඇත්තේ.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය සහ පැසෝනා සමූහය අතර මෙම ගිවිසුමට අත්සන් කර තිබෙනවා.

මෙම ගිවිසුමට අනුව රැකියා අවස්ථා සදහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් බදවාගැනීමට අපේක්ෂිත ජපන් ආයතනවලට අවශ්‍ය ස්ථානීය බදවා ගැනීම් සදහා පැසෝනා සමූහය සිය සහාය ලබා දෙනු ඇති.

ඊට අමතරව ජපානයේ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින්ට රැකියා අවස්ථා ලබාගැනීම සදහා අවශ්‍ය සහාය ලබාදීමට පැසෝනා සමූහය කටයුතු කරනු ලබනවා.

මෙම අවබෝධතා ගිවිසුම අනුව ජපන් ආයෝජකයින් ආකර්ශනය කරගැනීම සදහා පැසෝනා සමූහය විසින් ආයෝජන සම්මන්ත්‍රණ සහ ආයෝජන උපදේශන පැවැත්වීමට ද නියමිතයි.

ඒ අතරම සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සදහා සංචාරක ක්ෂේත්‍රෙය් රැකියාවල නියුතු වෘත්තිකයින්ගේ කුසලතා සහ පුහුණුව වැඩි දියුණු කිරීම සදහා වන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත්, ජපන් සංචාරකයින් ලංකාවට ගෙන්වා ගැනීම සදහා වන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටත් නියමිතව තිබෙනවා.

නිදහසෙන් පසුව ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ස්ථාවර රටක් ගොඩ නැගීම සදහා මේ වන විට කටයුතු කරමින් සිටින බව අවබෝධතා ගිවිසුම අත්සන් කරන අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කළා.

මෙම අර්බුදය රටේ ඉතිහාසයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් බවත්, මෙවැනි අර්බුද යළිත් ඇති නොවීම සදහා අවශ්‍ය ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ මේ වන විට සිදු කරමින් තිබෙන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී කාර්යක්ෂම ශ්‍රම බලකායක් වර්ධනය කිරීම සදහා ජපානය ඇතුළු ලොව පුරා ප්‍රශස්ත භාවිතාවන් අධ්‍යයන කරමින් ශ්‍රමිකයින්ට නම්‍යශීලීව, අර්ධකාලීන සහ බහුවිධ රැකියා කිරීමට අවස්ථාව ලබාදෙන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

ජපානයේ මානව සම්පත් පිළිබද ප්‍රමුඛයෙක් වන පැසෝනා සමූහය සමග එක්වීම ශ්‍රී ලංකාවවට ඓතිහාසික දිනයක් බවත්, මෙම හවුල්කාරීත්වය රටවල් දෙකටම විවිධ ක්ෂේත්‍රවල අනොන්‍ය ප්‍රතිලාභ අත්කර දෙන බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42