AFC Banner
Empty Ad
Empty Ad

මහ බැංකුවෙන් මිලියන 5ක් අතුරුදන්

ශ්‍රී ලංකා මහ බැංකුවේ සේප්පුවකින් රුපියල් මිලියන 5ක මුදලක් අස්ථානගත වීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මහ බැංකු බලධාරීන් විසින් කොටුව පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලකට අනුවයි මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ.

අධි ආරක්‍ෂිත පද්ධති සහිත සේප්පුව තුළ තැන්පත් කර තිබූ මුදල් මිටි අතුරුදන් වී ඇති බව අදාළ පැමිණිල්ලේ සඳහන්.

මේ සම්බන්ධයෙන් කොටුව පොලිස් ස්ථානය පරීක්ෂණයක් පවත්වන අතර සිද්ධිය සම්බන්ධයෙන් මහ බැංකුව අභ්‍යන්තර පරීක්ෂණයක් ද සිදු කරන බවයි වාර්තා වන්නේ.

මහ බැංකු සුරක්ෂිතාගාරයේ තැනපත් කර තිබු මෙම මුදල අස්ථානගත වීම සම්බන්ධයෙන් කොටුව පොලිසියට ඊයේ සවස පැමිණිල්ලක් ලැබී තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?