ශ්‍රී ලාංකික පිය පුතු දෙපළක් ඔස්ට්‍රේලියාවේදී දියේ ගිලී ජීවිතක්ෂයට

ඔස්ට්‍රේලියාවේ උතුරු ක්වීන්ස්ලන්ඩ් හි කෙයාර්න්ස් හිදී දියේ ගිලීමෙන් ශ්‍රී ලාංකික පියෙකු සහ ඔහුගේ පුත්‍රයා මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 59 හැවිරිදි සිසිර ගජනායක සහ ඔහුගේ පුත්‍රයා වන 21 හැවිරිදි තේමි ගජනායක බවයි වාර්තා වන්නේ.

ඔවුන් ඊයේ පස්වරුවේ තවත් පිරිසක් සමග කුඩා දිය ඇල්ලක් ආසන්නයේ දිය නාමින් සිටියදී මෙම අනතුර සිදුවී තිබෙනවා.

පියා දියේ ගසාගෙන යාමේදී ඔහු බේරා ගැනීමට පුත්‍රයා සහ දියණිය උත්සාහ කර ඇති අතර එහිදී තුන්දෙනාම දියේ ගිලී ඇතැයි සඳහන්.

දියණිය දිවි බේරාගෙන ඇති අතර පියා සහ පුත්‍රයා දියේ ගිලී මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.