අවුරුදු තුනේ පුතා ඝාතනය කළ පියා දිවි නසාගන්න උත්සාහ කරලා

බීමතින් සිටි පුද්ගලයෙකු සිය කුඩා දරුවා ඝාතනය කර ඔහු ද සියදිවි නසා උත්සාහ කළ පුවතක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ චන්ද්‍රපූර් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊයේ (09) දිනයේ මෙම ඛේදනීය සිදුවීම සිදුව ඇති අතර, පියා විසින් මෙලෙස ඝාතනය කර ඇත්තේ අවුරුදු තුනහමාරක් වයසැති තම පුත්‍රයා බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

33 හැවිරිදි මෙම පුද්ගලයා තම බිරිඳ සමඟ ඇති වූ සුළු ආරවුලකට බීමතින් පැමිණ තම පුතාගේ ගෙළ මිරිකා ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව ඔහු ද පිහියකින් තම ගෙළ ප්‍රදේශයට ඇනගෙන සියදිවි නසා ගැනීමට උත්සාහ කර තිබෙනවා.

ඝාතනය සිදුවන විට ඔහුගේ බිරිඳ නිවස හැර ගොස් ඥාති නිවසක රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ.

ගෙළ ප්‍රදේශයට පිහියෙන් ඇන ගැනීමෙන් බරපතළ තුවාල ලැබූ සැකකාර පියා රෝහලකට ඇතුළත් කර ඇති අතර, මිනීමැරුම් සහ සියදිවි නසා ගැනීමට තැත් කිරීමේ යන චෝදනා ඔහුට එරෙහිව එල්ල වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14