රාත්‍රී තැපැල් දුම්රිය දෙකක් අවලංගුයි

කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය දක්වා සහ ත්‍රිකුණාමලයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනයවීමට නියමිත අද (07) රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර තිබෙනවා.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අග්බෝපුර ප්‍රදේශයේ දී අද (07) දහවල් සිදුවූ දුම්රිය පීලිපැනීම හේතුවෙන් මෙලෙස රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට සිදු වූ බවයි.

අග්බෝපුර – කිතුල්උතුව ප්‍රදේශයේ දී කොළඹ කොටුව සිය ත්‍රිකුණාමලය දක්වා ධාවනය වූ දුම්රියක් පීලි පැනීමකට ලක්ව අනතුරක් සිදු වුණා.

එහිදී නියාමකවරුන් දෙදෙනෙකු ඇතුළු 16 දෙනෙක් තුවාල ලබා රෝහල් ගතකරනු ලැබුවා.

මෙහිදී දුම්රියේ දෙවන මැදිරිය පීලි පැනීමකට ලක්ව පෙරළී ගොස් තිබුණා.

මෙම අනතුරින් දුම්රිය මාර්ගයට ද බරපතල අලාභ හානි සිදුව ඇති ආකාරයි දැකගත හැකි වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03