පාස්කු සතියේ විශේෂ ආරක්ෂාවක්

පාස්කු සතිය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව පොලිස් මුලස්ථානය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ අද සිට මෙම ආරක්ෂක වැඩ පිළිවෙළ ක්‍රියාවට නංවන බවයි.

මේ වෙනුවෙන් පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්යය බලකාය හා යුධ හමුදාව කැඳවීමටද නියමිත බව ඔහු පැවසුවා.

මේ අතර පාස්කු ප්‍රහාරයෙන් මියගිය හා පිඩාවට පත් පුද්ගලයින් සිහි කරමින් ලබන 09 වැනිදා ඉරිදා දිවයින පුරා පිහිටි කිතුනු දේවස්ථානවල විශේෂ දේව මෙහෙය පැවැත්වෙනවා.

පාස්කු ප්‍රධාන දේව මෙහෙය අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.

  1. BALAYATA APU ENA HEMA EKAMA KARANA THUPPAHI WEDAK THAMAYI JATHI WADHAYA AGAM WADHAYA KULA WADHAYA UDARATA PAHATHA RATA BEDHYA AWUSSALA BEDHA WEN KARALA PLANAYA KARANA EKA. ITHIHASAYE DEWANI WATHAWATA (53 HARTHALAYEN PASU) DEWANTHA LESAMA MULU RATAMA EKATHU WELA KALA WISHALAMA ARAGALAYA DAN MUN TIKA TIKA EKE GAL GALAWANAWA. DAN MUN KARANNE EDA ARU KALATA WADA WINASAYAK. KUNU KOLLETA WIKINEEMA HERA WENA DEYAK NODANNA EWUN PASSA DOREN AWITH DAN OKKOMA WIKUNANAWA. THAWA DOLLAR BILLION 10 WADA NAYA GANNAWA LU. ME NAKI PARAYI ITA PASSE MARILA YAYI.