බුත්තල SI ට පොලිස් ගෞරව නෑ.. මිනියට නිල ඇදුම් අන්දවන්නෙත් නෑ..

තරුණියකගේ ගෙල කපා බෑගයක අසුරා කොළඹ වැල්ලවීදියේ දමා යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී සිය දිවි නසාගත් උප පොලිස් පරික්ෂකවරයාගේ අවමගුලේදී පොලිසිය කිසිදු ගෞරවයක් නොලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

මෙම උප පොලිස් පරීක්ෂකවරයාගේ දේහයට ඔහුගේ නිල ඇඳුම ඇන්දවීම ද සිදු නොකරන බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීය.

යම් පොලිස් නිලධාරියෙක් කිසියම් සිද්ධියක සැකකරුවෙක් බවට පත්ව සිටිය දී මියගිය පසු හෝ සිය දිවිනසා ගැනීමක් සිදුකරගතහොත් එවැනි නිලධාරියකුට පොලිස් ගෞරවාචාර දැක්වීමක් හෝ ඔහුගේ නිලයට හිමි නිල ඇඳුම ඇන්දවීමක් හෝ සිදු නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

තරුණියක ඝාතනය කර සිය දිවිනසාගත් මෙම උප පොලිස් පරික්ෂකවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට කිසිදු පොලිස් නිලධාරියකුව සහභාගි නොකරන බව මොණරාගල ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කළ විමසීමක දී කීය.

තරුණිය ඝාතනය කර සිය දිවිනසාගත් බඩල්කුඹුර වේරගොඩ පහේ කණුව ප්‍රදේශයේ පදිංචිව සිටි උප පොලිස් පරීක්ෂක ඒ.එච්. ප්‍රේමසිරි (52) නමැත්තාගේ සිරුර මේ වන විට මොණරාගල රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. ප්‍රේමසිරි නමැත්තාගේ සිරුර පීසීආර්. පරික්ෂණයකට පෙරේදා ලක්කර ඇති අතර එම වාර්තාව ලැබෙන තෙක් සිරුර මෘත ශරීරාගාරයේ තබා තිබේ.

සිය දිවිනසාගත් උප පොලිස් පරික්ෂකවරයාගේ බිරිය සිය සැමියාගේ දේහය බාර ගැනීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙන බව පොලිසිය කියයි. යම් ලෙසකින් මොහුට පීසීආර් පරික්ෂණ වාර්තාවෙන් කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වුවහොත් සිරුර පවුලේ අයට බාර නොදී නිරෝධායන නීතිරීති යටතේ සිදුකරන බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.

ඌව සහ නැගෙනහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මොනරාගල කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර මහතාගේ විශේෂ උපදෙස් මත බඩල් කුඹුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුනිල් ශාන්ත මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

– ශ්‍රීනාත් ජයසූරිය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වචන දෙනකොට හරියට දෙන්න ඕනි..නැත්තම් ගමට එන්න වෙන්නේ නැ - ණය අරගෙන ලොකු ලොකු දෙවල් කරලා
07:41
Video thumbnail
චමරි අතපත්තු සංවේදී වී කිව්ව දේ - ශෂිණි අවාසනාවකට ආබාධයකට ලක්වුණා - එයාට තරඟ කරන්න බෑ
08:23
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06