රස්නය සහිත කාලගුණය මැයි මාසය අවසන්වන තෙක්

ජනතාව අපහසුතාවයට පත්වන අධික රස්නය සහිත කාලගුණික තත්ත්වය මැයි මාසය අවසන් සතිය වන තෙක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මීට ප්‍රධාන හේතුව ශ්‍රී ලංකාව ආශ්‍රිතව වායු ගෝලයේ පවතින සුළං ප්‍රවාහයේ අඩුවීම බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රීතිකා ජයකොඩි මහත්මිය පැවසුවා.

අහස වළාකුළුවලින් තොරවීම සහ හිරු එළිය සෘජුව පොළොවට පතිතවීම යන කරුණු හේතුවෙන් අධික රස්නය සහිත කාලගුණ තත්ත්වය වැඩි වශයෙන් ජනතාවට දැනෙනු ඇති බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂතුමිය වැඩිදුරටත් පැවසුවා.

මේ හේතුවෙන් අව්වට නිරාවරණය වීම අවම කරගැනීමේ වැදගත්කම ඇය අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?