ශ්‍රී ලාංකික තරුණයන් සදහා දකුණු කොරියා‍වේ වැඩි රැකියා අවස්ථා

දකුණු කොරියාවේ රැකියා අවස්ථා වැඩි වශයෙන් ශ්‍රී ලාංකික තරුණයන්ට ලබා දීමට අපේක්ෂා කරන බව ප්‍රකට දකුණු කොරියානු සමාගමක් වන ‘හුන්ඩායි’ (Hyundai) සමාගමේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා හමුවෙමින් ප්‍රකාශ කර තිබෙනවා.

දකුණු කොරියානු රැකියා සදහා ශ්‍රී ලාංකික තරුණයන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ, ඊට අදාළ පුහුණුව ඇතුළු කටයුතු සොයා බැලීමට, මෙරටට පැමිණි හුන්ඩායි නැවි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) කිම් බොයොන්ග් බෝ (Kim Byong Boo) මහතා ඇතුළු නියෝජිත පිරිසක් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී හමුවූ අවස්ථාවේදී යි මේ බව සදහන් කර ඇත්තේ.

මෙරට තරුණයන් ඉහළ නිපුණත්වයකින් යුතු බවත්, පුහුණුව ලැබූ ශ්‍රී ලාංකේය තරුණයන් වැඩි වශයෙන් එරට රැකියා සදහා ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත් මෙම නියෝජිත පිරිස ප්‍රකාශ කර තිබෙනවා.

විශේෂයෙන් මෙම ශ්‍රමිකයන් යහපත් ගුණාංගයන්ගෙන් හෙබි විනයගරුක තරුණයන් වීම වැදගත් බවයි ඔවුන් අවධාරණය කර ඇත්තේ.

රජය මැදිහත් වී නිසි වෘත්තීය පුහුණුවක් මෙරට තුළදී ලබා දීමත් ප්‍රමාදයකින් තොරව හැකිතාක් කඩිනමින් පුහුණු ශ්‍රමිකයන් දකුණු කොරියාවට යොමු කිරීමේ අවශ්‍යතාවත් ඔවුන් පෙන්වා දෙනු ලැබුවා.

එසේම මෙරට ශ්‍රමිකයන්ගේ පහසුකම් සහ ආරක්ෂාව උපරිම වශයෙන් ලබා දෙන බවට ද සහතික වී තිබෙනවා.

මේ අනුව නෞකා ඉදිකිරීම් හා අලුත්වැඩියාව, විදුලි කාර්මික, වෑල්ඩින් ආදී ක්ෂේත්‍රවල පුහුණු ශ්‍රමිකයන් සදහා ඉහළ ඉල්ලුමක් පවතින බවත් ඔවුන්ට ඉහළ වැටුප් හිමිවන බව ද නියෝජිත පිරිස මෙහිදී කරුණු දක්වනු ලැබුවා.

මෙහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර සිටියේ පුහුණු ශ්‍රමිකයන් සදහා මෙරට අංගසම්පූර්ණ පුහුණු මධ්‍යස්ථානයක් ඉදි කිරී‍ම සදහා අනුග්‍රහයක් ලබා දෙන ලෙසයි.

වෘත්තීය නිපුණත්වයට අමතරව මේ හරහා කොරියානු භාෂාව, සංස්කෘතිය යනාදිය පිළිබදව අවබෝධයක්ද ලබා දීමට අපේක්ෂා කරන බව ද ඒ මහතා සඳහන් කළා.

ඒ සදහා කැමැත්ත පළ කළ නියෝජිත පිරිස පෙන්වා දුන්නේ මෙරට දක්ෂ තරුණයන්ට තවදුරටත් දකුණු කොරියාවේ රැකියා අවස්ථා වැඩි වශයෙන් ලබා දීමට අපේක්ෂා කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27